ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සම්මාන උළෙලේදී නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගමට රන් සම්මාන ත‍්‍රිත්වයක්

    November, 23, 2016

    සීමාසහිත නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම මේ වසරේදීද එහි ජයග‍්‍රාහී ගමනෙහි තවත් ඉදිරියට පියනගමින් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් පසුගිය සිකුරාදා ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ගරු රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද කීර්තිමත් සම්මාන ප‍්‍රදානෝ්ත්සවයේදී රන් සම්මාන ත‍්‍රිත්වයක් දිනාගත්තේය කර්මාන්ත අංශයේ ඉතා විශිෂ්ට අපනයනකරු සඳහා වන රන් සම්මානය, කර්මාන්ත අංශයේ සෙරමික් සහ පෝසිලේන් නිෂ්පාදන උප අංශයේ (අති විශාල කාණ්ඩය) සඳහා වන රන් සම්මානය සහ ඉහලම අගය එක්කළ අපනයනකරුට හිමි රන් සම්මානය මෙම සමාගම දිනාගත් එම සම්මාන ත‍්‍රිත්වයයි.

    සීමාසහිත නොරිටාකේ ලංකා පෝසලේන් පුද්ගලික සමාගම මේ වසරේ අගෝස්තු මාසයේදී පවත්වන ලද ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ අතිවිශාල කාණ්ඩයේ (නිෂ්පාදන අංශය) සම්මාන තුනක්ද දිනා ගත්තේය. මෙම සම්මාන හිමිවූයේ ජාතික මට්ටමේ රිදී සම්මානය, පළාත් මට්ටමේ රන් සම්මානය සහ ප‍්‍රධාන සම්මාන 10 යන කාණ්ඩවලිනි.

    එම මාසයේදීම සීමාසහිත නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම 2016 ජනාධිපති අපනයන සම්මාන ප‍්‍රදානයේදී ඛනිජ සහ සෙරමික් පදනම් නිෂ්පාදන අංශයේ සම්මාන හතරක් හිමිකරගත්තේය. එම සම්මාන පිරිනැමුනේ 2014 ඉහලම විදේශ විනිමය ඉපැයුම්කරු, 2014 ඉහලම අගය එක් කළ අපනයනකරු, 2015 ඉහලම විදේශ විනිමය ඉපැයුම්කරු, 2015 ඉහලම අගය එක් කළ අපනයනකරු යන අංශ වෙනුවෙනි.

    මෙම ජයග‍්‍රහණ ගැන අදහස් පළ කළ සීමාසහිත නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගමෙහි උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ යොෂිනාරි ෂිමායා මහතා මෙසේ පැවසීය ”පසුගිය වසර මෙන්ම මෙම වසරද අපට ජයග‍්‍රාහි වසරකි. මෙම වසරේදී අප දිනාගත් සම්මාන ගණනාව සහ ඒවා විවිධ කාණ්ඩ සඳහා පිරිනමා තිබීමෙන් සනාථවී ඇත්තේ අපගේ නිෂ්පාදනවල විශිෂ්ටත්වය සහ වසර පුරා අපගේ කාර්යසාධනයේ උත්තරීතර බවයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ නොරිටාකෝ පවුලේ සාමාජිකයන්, ඔවුන් අපගේ මාතලේ, පන්නල කර්මාන්තශාලාවල වැඩකළත්, කොළඹ 7 හි අපගේ ප‍්‍රදර්ශනාගාරයේ සේවකයන්වුවත් නැත්නම් වත්තල , මාතලේ, ඔඩෙල්, කටුනායක ගුවන් තොටුපලෙහි හෝ පැපිලියානේ නව වෙළඳසැලෙහි යන කොතනක සේවය කළත් කණ්ඩායමක් ලෙස සාර්ථකව සිය කාර්යය ඉටුකළ බවට ද මෙය කදිම සාක්‍ෂියකි.

    මෙම ජයග‍්‍රහණය පිණිස හේතුවූ තවත් සාධකයක් වන්නේ ශ‍්‍රී ලංකාවේ මෙන්ම පිටරවල නිරතුරුව වර්ධනය වෙමින් සිටින අපගේ පාරිභෝගිකයන් සමූහය අපට දැක්වූ සහයෝගය සහ අප කෙරෙහි තැබූ විශ්වාසයි. නොරිටාකේ සමාගමේ අපි සැමවිටම උසස් තත්වයට පත්වීමේ අභිලාෂයෙන් වැඩකරන පිරිසක් වෙමු. අප ඉදිරියේ ඇති අරමුණු අභියෝගාත්මක වන අතර නව වසර තවත් සුබවාදී වනු ඇතැයි අපගේ අපේක්‍ෂාවයි.”

    1972 දී ලංකා පිගන් සංස්ථාව සහ වසර 100 ක් පැරණි ජපානයේ සීමාසහිත නොරිටාකෝ සමාගමේ ඒකාබද්ධ වෙළඳ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද සීමාසහිත නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෝසිලේන් පිගන් භාණ්ඩ නිෂ්පාදන සමාගමයි. මෙම සමාගමේ නිෂ්්පාදනාගාරය පිහිටා ඇත්තේ ඩොලමයිට්, තිරිවානා ආදිය බහුලව ඇති මාතලේය.

    සීමාසහිත නොරිටාකේ ලංකා පුද්ගලික සමාගම වර්තමානයේ රුපියල් මිලියන 2500 කට වැඩි වටිනාකමකින් යුත් පෝසිලේන් පිගන් භාණ්ඩ කට්ටල මිලියන 6 කට වැඩි ප‍්‍රමාණයක් අපනයනය කරයි. මෙම සමාගම ශ‍්‍රී ලංකාවේ හෝටල් සඳහා ප‍්‍රධාන පෝසිලේන් නිෂ්පාදන සැපයුම්කරුවෙකි.

    නොරිටාකේ ලංකා පුද්ගලික සමාගම ISO 14001 - 2004 (පාරිසරික කළමනාකරණ පද්ධති) සහතිකය හා 18001 - 2007 වෘත්තීය ස්වස්ථාව හා ආරක්ෂාව යන සහතික දෙකෙන්ම පිදුම් ලබා ඇත.