October, 3, 2025
රටේ ප්‍රමුඛතම රාජ්‍ය ඉතුරුම් බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 6 ක ලාභාංශයක් අනුමත කර ඇත.
2024 වසර සඳහා රුපියල් බිලියන 28.5 ක බදු පෙර ලාභයක් (PBT) සහ 2025 වසරේ පළමු භාගය සඳහා රුපියල් බිලියන 25.5 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සුවිශේෂී ප්‍රතිඵල වාර්තා කර ඇති අතර, එහි මෙහෙයුම් විශිෂ්ටත්වය සහ හොඳ පාලන පිළිවෙත් හේතු කොට ගෙන මෙම සැලකිය යුතු දායකත්වය ලබා දීමට හැකිව ඇත.
මෙම දායකත්වය පිළිබඳ නිල නිවේදනය පසුගියදා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී.
ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩම්බි මහත්මිය සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී අජිත් අක්මීමන මහතා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුසන්ත රණසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.
Video Story