ජාතික උද්ධමනය පහළට

    June, 24, 2024

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 2.7% සිට 2024 මැයි මාසයේ දී 1.6% ක් දක්වා පහළ බැස ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    එහිදී 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මැයි මාසයේ දී 0.5% ක් දක්වා පහළ ගොස් ඇත.

    මේ අතර 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් ලෙසින් වාර්තා වී තිබුණු ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4% ක් දක්වා සුළු වැඩිවීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.