January, 21, 2026
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 දෙසැම්බර් මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
2025 නොවැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.4% ක් ලෙසයි.
නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 4.4% ක් දක්වා වැඩි වී ඇති අතර නොවැම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා 0.1%කින් වැඩි වී ඇත.
Video Story