October, 21, 2025
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 සැප්තැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ.
2025 අගෝස්තු මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 1.5% ක් ලෙසිනි.
අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් දක්වා වැඩි වී ඇති අතර අගෝස්තු මාසයේ දී 0.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් දක්වා වැඩි වී ඇත.
Video Story