January, 9, 2026
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කරමින්, භෞතික රක්ෂණ කාඩ්පත් වෙනුවට හඳුන්වා දුන් 'ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත' නිල වශයෙන් දියත් කිරීම පසුගිය දා (07), මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, රක්ෂණ සමාගම් සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුරක්ෂිත සේවාවක් හිමි වේ.
මෙම නව ඩිජිටල් ක්‍රමවේදය ඔබට ලබා දෙන ප්‍රතිලාභ:
පහසුව: ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට රක්ෂණ තොරතුරු ලබා ගැනීමේ හැකියාව.
පරිසර හිතකාමී: ප්ලාස්ටික් කාඩ්පත් භාවිතය ඉවත් කර හරිත සංවර්ධනයට දායක වීම (Green Initiative ).
පිරිවැය අඩු වීම: රක්ෂණ ක්ෂේත්‍රයටත් පාරිභෝගිකයාටත් දිගුකාලීන මූල්‍යමය වාසි.
කාර්යක්ෂමතාව: ක්ෂණික සහ නිවැරදි තොරතුරු හුවමාරුව.
මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක (Tablets) 500ක් පරිත්‍යාග කිරීම ද මෙහි දී සිදු වූ අතර, එමගින් රක්ෂණ දත්ත ක්ෂණිකව සත්‍යාපනය කිරීමේ හැකියාව පොලීසියට හිමි වේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
Video Story