November, 24, 2016
රක්ෂණයේ වැදගත්කම පිළිබඳ ශ්‍රී ලාංකේය ජනතාව දැනුම්වත් කර, සෑම පවුලක් සඳහාම මූලික රක්ෂණාවරණයක් ලබා ගැනීම දිරිමත් කර එමඟින් පවුල්වල සිදුවන මරණ, රෝගාබාධ හා දේපළ හානි ආවරණය කිරීමේ අරමුණින්, සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 01 වන දින ‘ජාතික රක්ෂණ දිනය‘ ලෙස ප්‍රකාශයට පත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.