ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක්

    January, 6, 2026

    1963 අංක 11 දරන මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කර ඇත.

    වසර 62කට පමණ පෙර පනවන ලද එම පනත ලොතරැයි වෙළෙඳ පොළෙහි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලදුව ඒ සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස 2017-02-14 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මුලික පනත් කෙටුම්පත සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගනු ලැබ තිබේ.

    එකී යෝජිත නව සංශෝධන ද ඇතුළත් කරමින් ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.