January, 8, 2016
හොල්සිම් (ලංකා) සමාගමට අනුබද්ධ උප ආයතනයක් වන ජියෝසයිකල් පසුගියදා වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. වයඹ පළාත් පාලන බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ ආශ‍්‍රිතව පවතින දිරාපත් නොවන සියලුම කැලි කසළ නිසි ලෙස බැහැර කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වී ඇත.
වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තු කොමසාරිස්, බුවනෙක හේරත් මහතා, ජියෝසයිකල් ආයතනයේ සාමාන්‍යාධිකාරී රන්දීව මලලසූරිය මහතා හා ජියෝසයිකල් ආයතනයේ මූලෝපාය හා ව්‍යාපාර සංවර්ධන කළමනාකාර සජිත් එදිරිසූරිය මහතා ඇතුළු පිරිස මෙම අවබෝධතා ගිවිසුමට දායක වූවෝය. මෙම අවබෝධතා ගිවිසුමට අනුව වයඹ පළාතට අයත් ප‍්‍රාදේශීය සභා 33 ක් තුළ එකතුවන දිරාපත් නොවන කැලි කසළ නිසිලෙස බැහැර කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. ජියෝසයිකල් මගින් ලබාදෙන උපදෙස් මත මෙම ප‍්‍රාදේශීය සභා 33 තුළ එකතුවන පොලිතීන් හා ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන ද්‍රව්‍යය පරිසරයට හිතකර ලෙස බැහැර කරන බවට වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව ප‍්‍රතිඥා දී ඇත.
‘‘දිරාපත් නොවන කැලි කසළ පරිසරයට හිතකර ලෙස බැහැර කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ වුණේ 2004 වසරේදීයි. එදා සිට අද දක්වා අප සිදුකළ ව්‍යාපෘති වල ප‍්‍රගතිය විමසා බලන විට එහි දැවැන්ත වර්ධනයක් සිදුවී තිබෙනු දැකගත හැකියි. ජියෝසයිකල් ආයතනයේ අරමුණ වන්නේ පුද්ගලයින්ට මනා දිවිපෙවෙතක් හිමිකරදීම හා පරිසරය ආරක්ෂා කිරීමයි. කැලි කසළ නිසිලෙස බැහැර කරමින් වයඹ පළාතේ ජනතාව අතර පවතින කැලි කසළ ගැටලූ විසඳීම හා ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හිමිකරදීමේ අරමුණින් ජියෝසයිකල් ආයතනය සිදුකරන යුතුකමක් වශයෙන් මේ ව්‍යාපෘතිය නම්කළ හැකියි’’ මෙහිදී අදහස් දැක්වූ ජියෝසයිකල් ආයතනයේ සාමාන්‍යාධිකාරී රන්දීව මලලසූරිය මහතා පැවසුවේය.
‘‘හොල්සිම් ලංකා මෙරට තුළ මෙන්ම වයඹ පළාත තුළද සාර්ථකව කටයුතු කරන ප‍්‍රමුඛපෙළේ සමාගමකි. ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුකරන අත්‍යවශ්‍ය ව්‍යාපෘති මෙන්ම මෙවැනි තිරසාර සංවර්ධන ව්‍යාපෘති වලට ද මනා සහයෝගයක් ලබාදෙන හොල්සිම් (ලංකා) සමාගමට අප ස්තුතිවන්ත වෙනවා’’ ජියෝසයිකල් ආයතනය වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව සමග නිළ වශයෙන් අවබෝධතා ගිවිසුමට එළඹුණු අවස්ථාවේදී අදහස් දැක්වූ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවසුවේය.
ජියෝසයිකල් ආයතනයේ දායකත්වය යටතේ වයඹ පළාත තුළ සිදුකරන මෙම ව්‍යාපෘතිය හොල්සිම් සමාගමේ මූලික ආයතනික සැලසුම් අතරට ද අනිවාර්යෙන් එක්වනු ඇත. කසළ නිසි පරිදි බැහැරකිරීමේ මෙම ව්‍යාපෘතියට අනුව කසළ එකතු කිරීමේ නව මධ්‍යස්ථාන හතරක් වයඹ පළාත තුළ ඉදිකිරීමට නියමිතය. දිරාපත් නොවන කසළ එකතුකර නිසිලෙස බැහැර කිරීම සිදුකරන නිසා වයඹ පළාත තුළ පවතින කසළ ගැටලු වලට තිරසාර මෙන්ම දිගුකාලීන විසඳුමක් හිමිවන අතර පරිසරය දුෂණය වීමද සිදුනොවනු ඇත. වයඹ පළාත තුළ ආරම්භ වුණු මෙම ව්‍යාපෘතිය ගම්පහ, කළුතර, අනුරාධපුර හා පුත්තලම යන නගරවල ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිවලට පූර්වයෙන් දියත් වන්නකි.
සේයා රූ සටහන - ජියෝසයිකල් ආයතනයේ සාමාන්‍යාධිකාරී රන්දීව මලලසූරිය මහතා හා වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තු කොමසාරිස්, බුවනෙක හේරත් මහතා නිළ වශයෙන් අවබෝධතා ගිවිසුමට එක්වුණු අවස්ථාව. වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ද පසෙකින් සිටියි
Video Story