ජීවන වියදම් පිළිබඳ අනු කමිටුව රැස්වෙයි

    August, 17, 2016

    ජීවන වියදම් පිළිබඳ අනු කමිටු රැස්වීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මුදල් අමාත්‍යාංශයේ දී රැස් විය.

    මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් යන මහත්වරු සහ අමාත්‍යාංශවල නිලධාරීහු රැසක් එක් ව සිටියහ.

    කුකුළු මස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සහ ලොකු ලූණු මිල ගණන් සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.