ජීවිත සුරැකීමේ අරමුණ පෙරදැරිව අලියාන්ස් ලංකා විසින් හෘද පුනර්ජීවන වැඩසටහන ක්‍රියාත්මක කරයි

    June, 26, 2024

    ශ්‍රීලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් වන සහ ගෝලීය අලියාන්ස් SE සමූහයේ සාමාජිකත්වය දරණ අලියාන්ස් ලංකා විසින් "ඔබට වටිනා දේ ආරක්ෂා කිරීම" යන තේමාව පෙරදැරි කරමින් සහ ඒ සම්බන්ධයෙන් වන කැපවීම සනිටුහන් කරමින් 2024 මැයි  මස 11 වන දින හෘද පුනර්ජීවන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදියි. මෙය CPR වැනි හදිසි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සැලසුම්ගත වැඩසටහන් මාලාවක් ලෙස ක්‍රියාත්මක වේ. එහි පළමු වැඩසටහන මහ මග නම් සඳහන් නොකෙරෙන විරුවන් වන කුලී රථ රියදුරන් වෙනුවෙන් පැවැත්වීම සිදු විය.

    අලියාන්ස් ලංකා විසින් කුලී රථ රියදුරන් කෙරෙහි අවධානය යොමු කරන ලද්දේ ඔවුන් රටේ පහසුවෙන් සහ දැරිය හැකි මිලකට  ලබා ගත හැකි ප්‍රවාහන සේවාවන් හි ප්‍රධාන අංශයක් නියෝජනය කරන බැවිනි. එමෙන්ම ඔවුන් ශ්‍රීලංකාවේ සෑම මාර්ගයකම ධාවන කටයුතු සිදුකරන අතර අනපේක්ෂිත අවස්ථාවකදී ජීවිත ආරක්ෂා කර දීමට මෙමගින් ඔවුනට හැකියාව ලැබේ. වඩා නිවැරදිව සිදු කළ හොත්, යම් පුද්ගලයෙකුගේ හෘද ස්පන්ධනය හෝ ශ්වසනය නතර වූ අවස්ථාවක CPR නොහොත් හෘද පුනර්ජීවනය  (Cardiopulmonary Resuscitation) පහසුවෙන් යොදා ගත හැකි මෙන්ම ඉතා ප්‍රයෝජනවත් ජීවිතාරක්ෂක ශිල්ප ක්‍රමයකි. මාර්ග අනතුරු සිදුවූ විට හෝ හෘදයාබාධ තත්වයක් ඇතිවූ විට සහන කණ්ඩායම් පැමිණෙන තෙක් ඔහුගේ / ඇයගේ ජීවිතය රැකගැනීමට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීමේ හැකියාවත්, අදාළ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාවත්  ඉහළ නැංවීම මෙම වැඩසටහන මගින්  අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩි සත්කාර වෛද්‍ය සංගමයේ පුනර්ජීවන කවුන්සිලය සහ ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ එක්ව අලියාන්ස් ලංකා සිදුකරන ලද මෙම වැඩසටහන සඳහා, කොළඹ කොටුව ත්‍රිරෝද රථ රියදුරන්ගේ සුභසාධක සංගමයේ සාමාජිකයින් සහභාගී විය. “හෘද පුනර්ජීවන  වැඩසටහන” හි සමාරම්භක සැසියේ දී, CPR සහ හදිසි හෘදයාබාධයක් ඇති වූ විට ජීවිතයක් බේරා ගත හැකි විවිධ ශිල්පීය ක්‍රම සහ පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමේ සිදු කළ අතර, ඒ සඳහා පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලංකා හි අලෙවි කළමනාකරණ අංශ ප්‍රධානී කසුන් යටවර මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙය ආරම්භයක් පමණක් වන අතර සහ ඒ සඳහා තබන පළමු පියවර වන බවත්, ශ්‍රීලංකාවේ  මහමග අනතුරු වැළැක්වීමේ සහ ආරක්ෂාව සහතික කිරීමට දරණ ප්‍රයත්නයක් ලෙස "හෘද පුනර්ජීවන වැඩසටහන" ඉදිරියට ක්‍රියාත්මක වන මහජන සේවා වැඩසටහනක්  වනු ඇති බවය. තවද මෙම කර්තව්‍ය ඉදිරියේදී රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම එමගින් බොහෝ කණ්ඩායම් ආවරණය කිරීමට කටයුතු කරන බවය. ඒ අන් කිසිවක් නිසා නොව එසේම, සෑම පුද්ගලයෙකුම මෙරටට වටිනා පුද්ගලයෙකු වන බැවින් සහ ඒ සෑම ජීවිතයක්ම වැදගත් බව අලියාන්ස් ලංකා හි විශ්වාසය වන බැවින්ය. " යනුවෙනි.

    අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්  සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්  යන සමාගම් ද්විත්වයේ එකතුව අලියාන්ස් ලංකා සමූහය ලෙස හැඳින්වෙන අතර, එම සමූහය ජර්මනියේ මියුනික් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන රක්ෂණ සහ වත්කම් කළමනාකරණ  සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන අලියාන්ස් SE හි පූර්ණ අනුබද්ධිත සමූහයකි. අලියාන්ස් සමූහයේ ගෝලීය ශක්තිය, ශක්තිමත් ප්‍රාග්ධනය, දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම අලියාන්ස් ලංකා සමූහයේ සාර්ථකත්වයේ පදනම බවට පත් ව ඇත. විශිෂ්ටත්වය  සහ නවෝත්පාදනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අලියාන්ස් ලංකා, සිය පාරිභෝගික ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලමින්, ඔවුන්ට සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වෙයි.