July, 16, 2024
නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අංශයේ වර්ධනය දායක විය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමීව තොග මිලදී ගැනුම් ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, බොහොමයක් නිෂ්පාදන කර්මාන්ත තවමත් සේවක පුරප්පාඩු පිරවීමේ දී ඉතා සැලකිලිමත්ව කටයුතු කරන බැවින්, සේවා නියුක්තිය ජුනි මාසය තුළ දී පහළ මට්ටමක පැවතුණි.
තවද, මූලික වශයෙන් ප්‍රධාන වරායන්හි පවතින තදබදය හේතුවෙන්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය.

