ජෝන් කීල්ස් කොටස් බලපත්‍රයේ ඉරණම් දවස අදයි

    November, 12, 2015

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිකුත් කර තිබූ 2015 කොටස් බලපත්‍රය (2015 Warrants – JKH.W0022) අද දින සිට අහෝසි වනු ඇත. මේ වන විට 2015 කොටස් බලපත්‍ර හිමි යම් අයෙක් වේ නම්, ඒ සඳහා එක් බලපත්‍රයකට රු. 161.87 බැගින් ගෙවා ඒවා සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් බවට පරිවර්තනය කළ යුතුවේ.

    2015 කොටස් බලපත්‍ර 50,281,136 ක් සමාගම විසින් නිකුත් කර තිබූ අතර රු. 161.87 බැගින් රු. 8,139,007,478.32 (රුපියල් බිලියන 8.1) ක අරමුදලක් ඒ හරහා සම්පාදනය කර ගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී බලාපොරොත්තු වේ.

    සමාගම විසින් මෙලෙසින් අරමුදල් එක්රැස් කරනුයේ කොළඹ ඉදිවෙමින් පවතින සිනමන් ලයිෆ් අතිසුඛෝපභෝගී හෝටල් සංකීර්ණයේ වැඩකටයුතු වෙනුවෙනි.

    සමාගම විසින් නිකුත් කරන ලද තවත් කොටස් බලපත්‍රයක් එළඹෙන 2016 වසරේ දී කල් ඉකුත් වීමට නියමිත අතර, එම කොටස් බලපත්‍ර පරිවර්තනය හරහා ද සමාගම විසින් රුපියල් බිලියන 8.5 ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට නියමිතය.