ජෝන් කීල්ස් කොටස් බලපත්‍රය 27 න් අහෝසියි

    September, 6, 2016

    ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් පීඑල්සී හි JKH .W0023 කේතයෙන් හැඳින්වෙන කොටස් බලපත්‍රය ගනුදෙනු වීම 2016 සැප්තැම්බර් 27 වනදායින් අවසන්වේ.

    මෙහිදී අදාළ කොටස් බලපත්‍ර හිමියන් හට සිය කොටස් බලපත්‍ර, සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කිරීම සඳහා 2016 සැප්තැම්බර් 28 සිට 2016 නොවැම්බර් 11 වන දින දක්වා කාල සීමාව හිමිවනු ඇත.

    මෙහිදී කොටස් බලපත්‍රයක් සඳහා රු. 149.29 බැගින් මුදල් ගෙවා ඒවා සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කිරීමට කොටස් බලපත්‍ර හිමියන්ට අවස්ථාව සැලසෙනු ඇත.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටසක මිල අද (06) වන විට පවතින්නේ රු. 151.50 ක් ලෙසිනි.