November, 26, 2025
ජෝන් කීල්ස් පදනම කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ආරම්භ කළ වැඩසටහන මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානතම සමාජ සත්කාර ව්‍යාපෘතිය වන Project WAVE (Working Against Violence through Education) යටතේ මෙය ක්‍රියාත්මක වේ. Project WAVE යනු වසර 10 කට අධික කාලයක් තිස්සේ ස්ත්‍රීපුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර පිටුදැකීමේ අරමුණින් ක්‍රියාත්මක වන සුවිශේෂී සමාජ සත්කාරයකි.
මෙම වැඩසටහන යටතේ මෑතකදී ජෝන් කීල්ස් පදනම විසින් ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ සහ විමර්ශන කාර්යාංශයේ සයිබර් විමර්ශන ඒකකය සඳහා ජාත්‍යන්තර තලයේ නවීනතම විමර්ශන මෘදුකාංගයක් පරිත්‍යාග කරන ලදි. මෙම මෘදුකාංගය මගින් නිලධාරීන්ට මාර්ගගත අපරාධ ඉක්මනින් හඳුනාගෙන ඒවා වැළැක්වීමට හැකියාව ලැබේ. මෙමඟින් පළමු වසර තුළ පමණක් දරුවන් 22 දෙනෙකු බේරාගැනීමටත්, සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත්, සිද්ධි 111 කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් හැකි වී ඇත.
ජෝන් කීල්ස් පදනම සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සහ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය මෙසේ පැවසුවාය: “කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප දරන උත්සාහයට Project WAVE හරහා දිගින් දිගටම සහයෝගය ලබාදීම පිළිබඳව අප ජෝන් කීල්ස් පදනමට ස්තූතිවන්ත වනවා. මේ වන විට සිදු කර ඇති විමර්ශන සහ ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය මගින් පෙනී යන්නේ මෙම ප්‍රයත්නය බෙහෙවින් ඵලදායී එකක් බවයි.”
තාක්ෂණික සහය ලබාදීමට අමතරව ජෝන් කීල්ස් පදනම විසින් අදාළ තේමාව යටතේ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ (Train-the-Trainer) වැඩසටහන් මාලාවක්ද ක්‍රියාවට නංවා තිබේ. මෙහි 6 වැනි අදියර හෝමාගම, කඩුවෙල සහ මහරගම යන පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි 2025 සැප්තැම්බර් 24 දින සිට 26 දින දක්වා ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන යටතේ මේ දක්වා පොලිස් ස්ථාන 60 ක පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 162 දෙනෙකුට දැනුම හා පුහුණුව ලබා දී තිබේ.
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළාය: “මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර සම්බන්ධයෙන් මුලින්ම ක්‍රියාත්මක වන ආරක්ෂක අංශවලට ඒ සඳහා කඩිනම්, සාර්ථක හා සංවේදී ලෙස ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීමයි. මේ සඳහා අපට ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ සහ විමර්ශන කාර්යාංශය වෙතින් සුවිශාල සහයෝගයක් ලැබෙනවා. එමෙන්ම අප විසින් ප්‍රදානය කරන ලද නව මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හා නිලධාරිනියන් වෙතින් ලැබෙන යහපත් ප්‍රතිචාර අප බෙහෙවින් දිරිගන්වනසුලුයි.”
මෙවැනි සාමූහික ප්‍රයත්නයන් ඔස්සේ ආරක්ෂක අංශ දැනුවත් කරමින් සහ එම අංශවලට අවශ්‍ය පහසුකම් සලසමින්, සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර මුලිනුපුටා දැමීම ජෝන් කීල්ස් පදනමේ අරමුණ වී තිබේ.
Project WAVE යනු ජෝන් කීල්ස් පදනම මඟින් ක්‍රියාවට නංවා ඇති බහු-පාර්ශ්වික සමාජ සත්කාරමය වැඩසටහනකි. එම වැඩසටහන මඟින් විවිධ තේමාවන් යටතේ ජෝන් කීල්ස් සමූහයේ කාර්ය මණ්ඩලය, ඉලක්කගත ප්‍රජාවන් සහ මහජනතාව දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සිදුකෙරේ. 2014 නොවැම්බර් මාසයේදී සාරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට මිලියන 5.8 කට අධික පිරිසක් ආවරණය කර ඇත.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.
Video Story