September, 17, 2019
ප්ලාස්ටිසයිකල් වැඩසටහනේ තවත් පියවරක් ලෙස සුගතදාසජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සමඟින් එක්ව, ප්‍රතිචක්‍රීයකරණය කළහැකි ප්ලාස්ටික් විශාල පරිමාණයෙන් උත්පාදනයවන සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස්කීරීමේ බඳුන් ස්ථානගත කරන ලදී.
ඕනෑම දිනක විවිධ සංවිධානාත්මක වැඩසටහන් හේතුවෙන් පැමිණෙන නරඹන්නන් 2000 කට අධික සංඛ්‍යාවකගෙන් මෙවැනි ජනප්‍රිය ක්‍රීඩා සංකීර්ණ නිරන්තරයෙන් පිරී පවතී. සෑම ප්‍රේක්ෂකයෙක්ම හෝ ක්‍රීඩකයෙක්ම ක්‍රීඩාංගනයේ රැඳී සිටින කාලය තුළදී / අවම වශයෙන් මිලි ලීටර 500ක ඉවත දැමිය හැකි ප්ලාස්ටික් බෝතලයක ඇසුරුම් කර ඇති ජලය හෝ ක්‍රීඩා බීම වර්ගයක් පරිභෝජනය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර,ඒ හරහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් සැලකිය යුතු ප්‍රමාණයක් එක් රැස් වේ.
එකවර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය අවටින් ප්ලාස්ටික් බෝතල් 6000ක් එක්රැස්කිරීම සඳහා ඇස්තමේන්තුගත කර ඇති අතර,ඒ සඳහා ආපනශාලාව, පිවිසීම් සහ පිටවීම් දොරටු වැනි ප්‍රධාන ස්ථානයන්හි දැනට රැස්කිරීමේ බඳුන් පහක් තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය සමඟ සමීපව කටයුතු කරන ප්ලාස්ටිසයිකල්, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 25 කට අධික ප්‍රමාණයක් මේ වන විට එක්රැස් කර ඇති අතර, සුගත්දාස පරිශ්‍රයේ ඇති ප්ලාස්ටික් එක් රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කටයුතු කරනු ඇත.
ප්ලාස්ටිසයිකල් යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි සමාජ ව්‍යවසායකත්ව මුල්පිරීමක් වන අතර, විවිධාංගීකෘත ව්‍යාපාර අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ සමාගම ද වේ. 13,000 කට අධික පිරිසකට රැකියාවක් ලබා දෙන JKH ආයතනය වසර 13ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇත. ජෝන් කීල්ස් පදනම ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු හා එක්සත් ජාතීන්ගේ ගෝලීය සුසංහිතයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතරම ජෝන් කීල්ස් පදනම හරහා “හෙට දිනය සඳහා ජාතිය බලගැන්වීමේ” ස්වකීය දැක්ම ද ඉදිරියට ගෙනයයි.