August, 7, 2014
ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගම ඈවර කර වසා දමන්නැයි පනවා තිබෙන නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණයේදී නැවත කැඳවූ අතර එහිදී සමාගමේ හිටපු සභාපතිවරයා වන ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ ඈවරකරුවාට ගිණුම් වාර්තා සහ වත්කම් සහ වගකීම් පිළිබඳ තොරතුරු ලබාදීමට 2014 අගෝස්තු 25 වනදා දක්වා කල් ලබාදෙන ලෙසයි.
මෙහිදී, අධිකරණය විසින් ඒ සඳහා අවස්ථාව ලබාදී තිබෙන අතර පවසා තිබෙන්නේ අගෝස්තු 25 වනදායින් පසුව එම වාර්තා ලබාදීමේ කාලය තවදුරටත් දීර්ඝ නොකරන බවයි.
මෙම නඩුව ලබන අගෝස්තු 27 වනදා යළි කැඳවේ.
Video Story