January, 1, 2025
දේශීය ටයර් නිෂ්පාදකයා නඟා සිටුවීමටත්, පාරිභෝගිකයින් වෙත සහනදායී මිලකට, නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර් ලබා දීම අරමුණු කොට, දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (31) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වීය.
දේශීයව නිෂ්පාදනය කරන්නා වූ ටයර් රට තුල තිබියදී රටේ ධනය ඩොලර් මිලයන ගණනක් වැය කොට ටයර් ආනයනය සිදු කිරීම තුලින් රට තුල ඇති ඩොලර් ප්‍රමාණයටද බලපෑමක් වී ඇති බවත්, එම ආනයනයන හේතුවෙන් ටයර් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රට තුල පවතින බවත්, මේ හේතුවෙන් ඉදිරියේදී ආනයන කරන ටයර් සඳහා යම් සීමාවන් පැනවීමට කටයුතු කරන ලෙසත් දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා ඇති අතර ඒ අනුව ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ද එහිදී තීරණය වී තිබේ.
එම සාකච්ඡාවෙන් පසු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.