ටාටා මෝටර්ස් ඩීමෝ හා එක්ව GenX Nano Automatik රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    October, 31, 2016

    පාරිභෝගික අවශ්‍යතා මැනවින් තේරුම් ගනිමින් පහසුකම් රැසක් සහිත නව GenX Nano මාදිලියේ රථයක් හඳුන්වා දෙයි. නවීන විලාසිතාවට අනුව,නිර්මාණය වූ ආකාර්ණීය පෙනුමක් සහිත මෙම රථය විශේෂාංග රැසකින් සමන්විත වෙයි. එමෙන්ම නව තාක්ෂණික වැඩිදියුණ කිරීම් රැසකින්ද මෙම රථය සමන්විත වන අතර එමගින් එහි වටිනාකම තවදුරත් වැඩි කර තිබේ.පරිපූර්ණ නාගරික මෝටර් රථයක් සඳහා වන සියලු විශේෂාංග සමඟින් මෙම නව "GenX Nano Automatik" රථය දිවයින පුරා පිහිටි ඩීමෝ ශාඛා 30 කට අධික සංඛ්‍යාවකදී අලෙවි කෙරේ. රුපියල් 1,975,000 ක මුදලකට GenX Nano Automatik XTA රථය හඳුන්වා දී තිබේ.

    GenX Nano හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ටාටා මෝටර්ස් හි මඟී වාහන අංශයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රධානි ජොනී ඌමේන් මහතා සඳහන් කළේ පිරිමැසුම්දායක ඉංජිනේරු තාක්ෂණයේ නව සොයාගැනීමක් ලෙස Nano රථය හඳුන්වාදීම මඟින් ඉන්දියාව මෝටර් රථවාහන ලෝක සිතියමට එක්වූ බවයි. සිය මඟී වාහන අතර සුවිශේෂි තැනක් හිමිකරගන්නා Nano රථය මේ වනවිට නාගරික මෝටර් රථයක තිබිය යුතු පවර් ස්ටීයරිං, බ්ලූටූත් ආදී පහසුකම් සමඟ හඳුන්වා දීමට හැකිවී ඇති බවද පෙන්වා දුන්නේය. පෙර මාදිලිවල Nano රථ දහස් ගණනක් ශ්‍රි ලංකා වෙළඳ පලේ අලෙවි වී ඇති අතර GenX Nano මඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත වඩා පිරිමැසුම්දායක, නවීන විලාසිතාවෙන් යුත්, හැඩකාර ප්‍රායෝගික මෝටර් රථයක අත්දැකීම තිළිණ කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    මෙම හඳුන්වා දීමේ අවස්ථාවට එක්වූ සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා පෙන්වා දුන්නේ TATA GenX NANO Automatik රථය මෙරට මඟී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනසකට ලක් කරන සුපිරි පහසුකම් සහිත කුඩා මෝටර් රථයක් ලෙස පුළුල් වෙළඳ අවකාශයක් නිතරඟයෙන් නිර්මාණය කර ඇති බවයි. මෙම මෝටර් රථය හඳුන්වා දීමත් සමඟ උපරිම අලෙවියක් සඳහා කටයුතු කරන බවත්, වෙළඳ සහ අලෙවියෙන් පසු සේවාව සඳහා වන ඩීමෝ විශේෂඥයින් සහ ටාටා මෝටර්ස් හි තාක්ෂණික සංවර්ධන කටයුතු සමඟ සුපිරි පාරිභෝගික සේවාවක් ලබාදීමට හැකිවන බවද හෙතෙම සඳහන් කළේය.

    DESIGNEXT: ටාටා මෝටර්ස් විසින් හඳුන්වාදෙන GenX NANO රථය සුවිශේෂි නිමාවකින් යුක්ත වෙයි. මනාව නිමවා ඇති ඉදිරිපස සහ පසුපස බම්පර් සහ ඉදිරිපස motif grille මඟින් මෙම මෝටර් රථයට ආකර්ශණිය පෙනුමක් ලබාදී ඇත. ලීටර් 110 ක භාණ්ඩ පැටවීමේ ඉඩකඩ සහ පහසුවෙන් විවර කළ හැකි පසුපස දොරකින් ද යුක්ත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. Sangria Red, Pearlescent White, Platinum Silver, Dazzle Blue සහ Damson Purple ආදී වර්ණ පහකින් මෙම මෝටර් රථය වෙළඳපලට පැමිණ තිබේ.

    DESIGNEXT: නව මාදිලිය වෙන් වෙන් වූ පහසුකම් වලින් සමන්විත රථ 3කින් යුක්ත වෙයි. ගියර් 4ක් සහිත මැනුවල් රථ (XE, XM, XT),ගියර් 5කින් සමන්විත AMT ගියර් පද්ධතියක් සහිත රථ (XMA, XTA) මීට අයත් වෙයි. 624ccඑන්ජිමකින් බලගැන්වෙන GenX NANO රථය multi-point fuel injected, water cooled, naturally aspirated, 2 cylinder gasoline එන්ජිමක් සමඟ වෑල් දෙකේ සිලින්ඩරයකින් ද යුක්ත වෙයි. එන්ජිම මඟින් 38PS power @ 5500 RPM සහ 51 Nm torque @ 4000 RPM බලයක් උපදවයි. Electric Power Assisted Steering – ePAS සුක්කානමක් සහිත GenX NANO රථය සැහැල්ලු ලෙස රිය හැසිරවීමට සහ තදබදය සහිත ගාල් කිරීමක් සඳහා මෙන්ම නාගරික ධාවනය සඳහා පහසුවක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

    GenX NANO හි නව මාදිලිය නවීන ආරක්ෂාකාරී පහසුකම් වලින්ද සමන්විත වන අතර crumple zone, intrusion beams, anti-roll bar වැනි ආරක්ෂාකාරී පහසුකම් රැසකින් යුක්ත වෙයි. රථයේ ඉදිරිපස කොටසක් කුෂන් කිරීම මඟින් ආරක්ෂාකාරී කලාපයක් නිර්මාණය කර ඇති අතර අනතුරකදී වැඩි ආරක්ෂාවක් තහවුරු වන පරිදි රථයේ ඉදිරිපස සහ බඳ නිර්මාණය කර තිබේ. ශක්තිමත් දෙපස දොරවල් සහ ශක්තිමත් සැකිල්ල නිසා අනතුරුවලදී උපරිම ආරක්ෂාවක් හිමිවෙයි. ඉදිරිපස රෝද යා කරමින් යොදා ඇති anti-roll bar එක මඟින් අධි වේගී ධාවනයේදී ආරක්ෂා කාරී ලෙස හැසිරවීම පහසු කරවන අතර පොළව මට්ටමේ සිට මිලිමීටර් 180 ක උසකින් යුක්ත වීම නිසා රළු මාර්ගවල ධාවනය පහසු කරවයි. ලීටර් 24 ඉන්ධන ටැංකියකින් සමන්විත GenX NANO රථය ලීටරයට කිලෝමීටර් 24 ක දුරක් ධාවනය කළ හැකිවෙයි.

    CONNECTNEXT: තාරුණ්‍යය ඉලක්ක කර ගනිමින් GenX NANO රථය ස්පීකර් 4කින් යුත් AmphiStream™ සංගීත පද්ධතියකින් සමන්විත වෙයි. මෙම AmphiStream™ සංගීත පද්ධතිය Bluetooth™, CD,Radio,USB සහ AUX ආදී වර්තමානයේ අතිශය ජනප්‍රිය විශේෂාංග වලින් යුක්ත වෙයි. ඩිජිටල් තොරතුරු දර්ශකයකින් මෙම මෝටර් රථය සමන්විත වන අතර එම තොරතුරු දර්ශකය මඟින් ඉන්ධන පරිභෝජනය, දුර, ගියර් මාරුවීම ආදී තොරතුරු ප්‍රදර්ශනය කරයි.

    සියලු පහසුකම් සමගින් එන GenX NANO රථය අඩු මුදලකින් මිලදී ගත හැකි හොඳම නාගරික මෝටර් රථයයි.මෙහි නව මාදිලිය සඳහා සමාගම විසින් වසර දෙකක වගකීමේ සහතිකයක් හෝ කිලෝමීටර් 50,000 ක වගකීමේ සහතිකයක් ලබාදෙයි.