ටූනාගේ කල හොඳ වේ

    August, 9, 2016

    ශ්‍රී ලංකා ටූනා මත්ස්‍යයින් සඳහා ඇති ගෝලීය ඉල්ලුම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ටූනා මත්ස්‍ය කිලෝවක මිල රුපියල් 20,000 ක් පමණ වන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    යූරෝපා සංගමය වෙත මත්ස්‍ය අපනයන තහනම ඉවත් වීමත් සමඟම ශ්‍රී ලංකා ටූනා මත්ස්‍ය අපනයන මේ වන විට ඉහළ ගොස් තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    යූරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත්වීමත් සමගම මේ වන විට මත්ස්‍ය මෙට්‍රික් ටොන් 340 ක් යූරෝපා සංගමය වෙත අපනයනය කර තිබේ. සතිපති මෙට්‍රික් ටොන් 15,000 ක මත්ස්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අපනයනය කරනු ලබන අතර යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම බලපැවැත්වූ කාලවකවානුවේ දී ශ්‍රී ලංකාව එයින් උපයා තිබූ අපනයන ආදායම රුපියල් බිලියන 16 කි. මත්ස්‍ය තහනම ඉවත් කිරීමත් සමග එය ටම් වන විට රුපියල් බිලියන 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ටූනා මසුන් අධිපෝෂ්‍යදායී ආහාරයකි.