ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා, ඕෂන් මුරුසිය සහමුලින්ම අයිති කරගනී

    October, 30, 2015

    ඕෂන් මුරුසි ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගැනීමට, ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා කටයුතු කර තිබේ.

    ඕෂන් මුරුසි ලිමිටඩ් යනු මීට ඉහත දී ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා විසින් මිල දී ගත් ඕෂන් ඉන්දියා සමාගමේ මව් සමාගමයි. ඉන්දියාවේ විශාකාපට්නම් හි පිටිහි ඕෂන් ඉන්දියා සමාගම, ආසියාවේ විශාලතම පෙහෙකම්හල්වලින් එකකි.

    මෙහිදී ඕෂන් මුරුසි ලිමිටඩ් හි කොටස් මිලියන 35.63 ක හිමිකාරීත්වය ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා විසින් තහවුරු කර ගෙන ඇත. මේ සඳහා ගිවිස ගෙන ඇති සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15 කි. එහි දී වටිනාකමින් හරි අඩක් මුදලින් ද, ඉතිරිය කොටස් නිකුතුවක් තුළින් ද ලබා දීමට ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා පීඑල්සී සැලසුම් කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates