ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

    October, 18, 2024

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති ඒ.කේ.ඩී.ඩී.ඩී අරන්දර මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

    අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (18) දින ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලැබී තිබේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ද වන ඒ මහතාගේ ඉල්ලා අස්වීම 2024 ඔක්තෝබර් 16 වන දින සිට බලපැවැත්වෙනු ඇත.