December, 22, 2015
ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ලොව පුරා වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති ටොයෝටා Prius රථයට සම්පූර්ණයෙන්ම පාහේ සමාන මෝටර් රථයක් එළිදැක්වීමට කොරියාවේ හුන්ඩායි සමාගම කටයුතු කර ඇත.
Ioniq යනුවෙන් නම් කර ඇති මෙම මෝටර් රථය ලබන මාසයේ දී නිල වශයෙන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන බව සමාගම නිවේදනය කර තිබේ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ Ioniq රථය එළිදැක්වීම වෙනුවෙන් කරන ලැබූ වීඩියෝ රූගතකිරීමක් අතරතුර දී ලබා ගන්නා ලද රහසිගත ඡායාරූපයකි. සැබැවින්ම මෙම හුන්ඩායි Ioniq රථයේ නිමාව මුළුමනින්ම පාහේ ටොයෝටා Prius රථයට සමාන බව බොහෝ දෙනාගේ අදහසයි.
Video Story