February, 8, 2016
ශ්‍රී ලාංකේය සිසු දරුවන් සෑම වසරකදීම ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වන මෙරට සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගම ලෙසින් පාරිභෝගික හදවත් දිනාගත් ටෝකියෝ සිමෙන්ති සමාගම මෙහෙයවන Super Quiz දැනුම මිනුම තරගාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ මූලික තරග පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.
කළුතර දිස්ත්‍රික් මූලික තරග වලින් ජයග්‍රහණය හිමිකර ගැනීමට මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලීය දැනුම මිනුම කණ්ඩායම සමත්වූ අතර එම ජයග්‍රහණය පිළිබඳව කණ්ඩායමේ නායක ලක්ෂිත නානායක්කාර සිසුවා මෙසේ අදහස් දැක්වීය. “මෙම තරගාවලියට ඉදිරිපත් වෙන්න අපි ගොඩක් මහන්සි වුණා. අමතර පොත් පත් කියවීමෙන් වගේම අන්තර්ජාලය පරිශීලනය කිරීමෙන් අපි අළුත් දැනුම සොයා ගත්තා. කණ්ඩායමක් ලෙස කැපවීමෙන් සහ සහෝදරත්වයෙන් පියවරෙන් පියවර ඉදිරියට යෑම තමයි අපගේ එකම බලාපොරොත්තුව. අපේ සිහිනය වෙන්නෙ මෙම තරගාවලියේ අවසාන මහා තරගයේ ජයග්‍රාහකයින් වීමයි. මේ සඳහා අවශ්‍ය අත්දැකීම් දැන් අපට තිඛෙනවා. මෙම තරගාවලිය අපගේ අනාගතය සාර්ථක කරගන්න මහඟ= අත්වැලක් වන බවයි මට සඳහන් කළ හැක්කේ. මේ ආකාරයෙන් අළුත් දැනුම සොයා යෑම අපගේ අධ්‍යාපන කටයුතුවලටත් ප්‍රයෝජනවත් වී තිඛෙනවා.“
Super Quiz Season 3 දැනුම මිනුම තරගාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ මූලික තරග වලින් ජයග්‍රහණය හිමිකරගත් මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායමට ලක්ෂිත නානායක්කර ශිෂ්‍යයා සමග රවිඳු ධනංජය, කවීෂ රංගන විතාන, එච්. ඒ. ඩී. ඩී. එස්. ජයසේකර සහ ඩී. කේ. පියුමාලි යන සිසුන් ඇතුළත් වේ. කළුතර දිස්ත්‍රික්කයේ මූලික තරගවල ජයග්‍රහණය හිමිකර ගැනීම සඳහා මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලීය දැනුම මිනුම කණ්ඩායම දිස්ත්‍රික්කයේ අනිකුත් පාසැල්වල දැනුම මිනුම කණ්ඩායම් 18 ක් පරදවා ජයග්‍රහණ හිමිකරගෙන තිබීම කැපී පෙනේ. මෙම සමස්ත ලංකා දැනුම මිනුම තරගාවලියේ අවසාන මහා තරග සඳහා දිවයිනම ආවරණය කරමින් කණ්ඩායම් 32 ක් කොළඹදී තරග වදින අතර ඔවුන්ට රුපියල් මිලියන 5 කට වැඩි මුදල් ත්‍යාග සහ අනුශ=රයින්ට තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ. පසුගිය වසර දෙක තුළදී ජයග්‍රාහකයින්ට සහ අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වූවන්ට ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක දිනා ගැනීමේ අවස්ථාව හිමිවිය. මෙම තරගාවලියේ අවසාන මහා තරග ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කරනු ඇත.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය ඇතුළු පාසැල් කණ්ඩායම් 19 ක් කළුතර දිස්ත්‍රික්කයේ මූලික තරග සදහා සහභාගී වූ අතර කළුතර, බුලත්සිංහල, මතුගම, හොරණ, බේරුවල, වාද්දූව හා පානදුර ප්‍රදේශවල පාසැල් මෙයට සහභාගී විය. මෙම තරගාවලියට ප්‍රථම වතාවට කළුතර, දේශාස්ත්‍ර බාලිකා විද්‍යාලය සහ මතුගම, හොරවල නවෝද්‍යා මහා විද්‍යාලය ඉදිරිපත් වී තිබීම කැපී පෙනුණි.
කළුතර දිස්ත්‍රික්කයේ මූලික තරග වලින් ජයග්‍රහණය හිමිකරගත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලීය දැනුම මිනුම කණ්ඩායම 2016 මාර්තු මාසයේ පැවැත්වෙන Super Quiz Season 3 අවසාන මහා තරග වලදී ගාල්ල (මහින්ද සහ රිච්මන්ඩ්), මාතර (පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය), පොළොන්නරුව (විජිත මධ්‍ය මහා විද්‍යාලය), අනුරාධපුරය (අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය), කෑගල්ල (ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලය), රත්නපුර (බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලය), හම්බන්තොට (රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය), බදුල්ල (බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය), මොණරාගල (රාජකීය මධ්‍ය මහා විද්‍යාලය) සහ නුවර එළිය (ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලය) යන දිස්ත්‍රික්කවල ජයග්‍රාහී කණ්ඩායම් සමග තරග වදිනු ඇත. මෙම තරගාවලියේදී ඕනෑම පාසැලකට ශූරයින් වීමේ අවස්ථාව තිඛෙන බවට කදිම උදාහරණයක් වන්නේ පළමු Super Quiz තරගාවලියේ ජයග්‍රාහකයින් වූ කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරාජයට පත්කරමින් Super Quiz Season 2තරගාවලියේ ශ+රතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම හිමිකර ගැනීමයි.
මෙම දැනුම මිනුම තරගාවලිය තුළින් රටට ලැඛෙන ජයග්‍රහණ පිළිබඳව බස්නාහිර පළාත් සමාජ විද්‍යා අධ්‍යක්ෂිකා, වජිරා සිල්වා මහත්මිය මෙසේ අදහස් දැක්වීය. “වර්තමාන සමාජයේ දරුවන් විෂය නිර්දේශයෙන් එහා කටයුතුවල නියැලීම බොහෝම සීමිතව තමයි සිදුවෙන්නේ. අපි හැමදෙනාම දන්නවා තරගකාරී අධ්‍යාපනයේ දරුවන්ගේ ඉලක්කය වගේම දෙමව්පියන්ගේ ඉලක්කය වෙන්නෙ උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමයි. මම හිතන්නේ, මෙය විෂය නිර්දේශයෙන් බැහැරව සාහිත්‍යය, කලාව, ලෝකය පිළිබඳව තමන්ගේ කුසලතාවය ඔප් නංවන්න දරුවන්ට ලැබුනු මහඟු අවස්ථාවක්. කළුතර දිස්ත්‍රික් තරගාවලිය සඳහා හොරණ, කළුතර, මතුගම යන කලාප තුනම නියෝජනය කරමින් සිංහල සහ දෙමළ මාධ්‍ය දරුවන් සහභාගී වුණා. කාලීන අවශ්‍යතාවය තේරුම් ගනිමින් තුන්වන වරටත් ටෝකියෝ Super Quiz තරඟාවලිය සංවිධානය කිරීම වෙනුවෙන් එම සමාගමේ නිළධාරී මහත්ම මහත්මීන්ට, අධ්‍යාපන අමාත්‍යංශයට විශේෂයෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට ප්‍රණාමය පුදකරනවා. සංවිධාන කටයුතු වලට මුල සිටම ස්වර්ණවාහිනී ආයතනයේ සහයෝගය හිමිවුණා.“
ටෝකියෝ සිමෙන්ති සමාගම, සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම සමාගම වන අතර සමාගම විසින් මෙම Super Quiz තරගාවලිය 2013 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ආරම්භ කළේ මෙරට පාසැල් දරුවන්ගේ දැනුම සහ අවබෝධය තව තවත් වැඩි කිරීමේ අරමුණෙනි. ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩසටහන් සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගම දිගුකාලයක සිට සහයෝගය ලබාදෙන අතර මෙරට අනාගත ශ්‍රම බලකාය ගොඩනැංවීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ශක්තිමත් පදනමක් දැමිය යුතුයැයි සමාගම හඳුනාගෙන තිබේ.
මෙවර ටෝකියෝ සිමෙන්ති Super Quiz තරගාවලියේ තුන්වන අදියර පැවැත්වෙන අතර මෙම තරගාවලිය මගින් සිසු දරුවන්ට වාර්ෂිකව රුපියල් මිලියන 5 කට අධික මුදල් ත්‍යාග සහ තවත් වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ. ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය නැංවීම වෙනුවෙන් දිවයින පුරා තවත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. සත්‍ය වශයෙන්ම වැදගත් ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් වන මෙම දැනුම මිනුම තරගාවලියේ පසුගිය වසරේ මූලික තරග සඳහා පාසැල් 632 ක් සහභාගී විය.
ඡායාරූපය - කළුතර දිස්ත්‍රික් මූලික තරග වලින් ජයග්‍රහණය හිමි කර ගත් මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලීය දැනුම මිනුම කණ්ඩායම
Video Story