ඩයලොග් අළුත්ම ගිණුම් අනාවරණය මෙන්න

    February, 18, 2014

    ප්‍රමුඛතම ජංගම දුරකතන සමාගමක් වන ඩයලොග් ආසිආටා සමාගම නවතම ගිණුම් වාර්තා හෙළිදරව් කර තිබෙන අතර අනාවරණය වන්නේ සමාගමේ 2012 දෙසැම්බර් කාර්තුවට සාපේක්ෂව ගිය දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ ශුද්ධ ලාභය සියයට 20 කින් වර්ධනය වී තිබෙන බවයි.

    මේ අනුව, 2013 දෙසැම්බර් කාර්තුවේදී සමාගම සියළු බදු ගෙවීමෙන් පසුව ලබා තිබෙන ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.1 කි.

    මෙම කාර්තුවේදී ඩයලොග් සමූහය විසින් කොටසකට අදාළව ශත 14 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර පසුගිය වසර තුළ ශත 65 ක කොටසකට අදාළ ලාභයක් වාර්තා කර ඇත.

    2013 වසරේදී ඩයලොග් ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 5.1 ක් වන අතර 2012 වසරේදී රුපියල් බිලියන 6.0 ක ලාභයක් ලබා තිබුණි.