ඩයලොග් ඩොලර් මිලියන 174 ක ආයෝජනයකට සැරසෙයි

    October, 22, 2015

    මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගමක් වන ඩයලොග් ආසිආටා සමාගම තම දේශීය සහ ජාත්‍යන්තර පුළුල් පරාස ජාල (broadband networks) සහ ෆයිබර් ඔප්ටිල් සහ ඩිජිටල් සැටලයිට් සේවා (digital satellite services) වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 174 ක ආයෝජනයක් කිරීමට සූදානම් වේ.

    මෙම නව ආයෝජනය සඳහා ඩයලොග් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක්ද අත්සන් කර තිබේ.

    මෙම නව ආයෝජනය සමගින් ශ්‍රී ලංකාව තුළ ඩයලොග් සමාගම විසින් සිදුකර තිබෙන ආයෝජනය ඩොලර් බිලියන 1.96 ක් දක්වා ඉහළ නගී.

    Video Story

    Stock Market

    Exchange Rates