ඩයලොග් තම පාරිභෝගිකයින්ගේ ගාස්තු කපා හරී

    September, 21, 2017

    ඊයේ (20) දිනය තුළ දී සිය ග්‍රාහකයින් විසින් ලබා ගන්නා ලද දේශීය දුරකතන ඇමතුම්, අන්තර්ජාතික දුරකතන ඇමතුම්, රෝමිං සහ SMS සඳහා අය කරන ලද ගාස්තු සම්පූර්ණයෙන්ම කපා හරිනු ලබන බව ඩයලොග් ආසියාටා පීඑල්සී නිවේදනය කර සිටී.

    සිය පාරිභෝගිකයින් හට කෙටි පණිවුඩයක් මගින් මේ බව දැනුම් දෙමින් සමාගම වැඩි දුරටත් කියා සිටින්නේ ඊයේ (20) දිනය තුළ සිය පද්ධතියේ ඇති වූ දෝෂයක් සම්බන්ධයෙන් තම පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳ කණගාටු වන බවයි.

    මෙලෙස ඊයේ (20) දිනයේ ඇමතුම් සහ කෙටි පණිවුඩ සඳහා අදාළ ගාස්තු මීළඟ බිල්පතෙන් අඩුකරනු ලබන බව සමාගමහ වැඩිදුරටත් දන්වා සිටී.