July, 13, 2016
ඩයලොග් ආසියාටා පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ ධුර කාලය 2016 වසර අවසානයේ දී නිමා වීමට නියමිත බව සමාගම නිවේදනය කර සිටී. ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ගේ සමුගැනීමෙන් අනතුරුව නව ප්‍රධාන විධායකවරයා ලෙසින් 2017 ජනවාරි 01 වැනිදා සිට සුපුන් වීරසිංහ මහතා වැඩ භාර ගැනීමට නියමිතය.
මේ අතර ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා තවදුරටත් කටයුතු කරන අතර දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් සමූහයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල ආයෝජන තීන්දු තීරණ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇත.
බංග්ලාදේශයේ රොබි ආසියාටා හි වත්මන් ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සුපුන් වීරසිංහ මහතා 2017 වසර ආරම්භයේ සිට නව ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.