May, 12, 2016
ඩයලොග් ආසියාටා පීඑල්සී හි 2016 පළමු කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශය අද දිනයේ දී නිකුත් කෙරිණි.
මෙහිදී ඩයලොග් ආසියාටා සමූහය විසින් 2016 පළමු කාර්තුව සඳහා වාර්තා කර තිබෙන බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 2.6 කි. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 35% ක ඉහළ යාමකි.
2016 මාර්තු 31 න් අවසන් පළමු කාර්තුව සඳහා ඩයලොග් සමූහය රුපියල් බිලියන 21.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර තිබේ. මෙය 2015 දෙසැම්බර් 31 න් අවසන් වූ ආසන්නතම කාර්තුව හා සැසඳීමේ දී 6% ක වර්ධනයක් වන අතර පසුගිය 2015 වර්ෂයේ පළමු කාර්තුව හා සැසඳීමේ දී 22% ක වර්ධනයකි.
ඩයලොග් සමූහය 2016 පළමු කාර්තුව තුළ දී රු. බිලියන 6.8 ක මුදලක් රජය වෙත ආදායම් ලබා දී තිබේ. සෘජු බදු, ගාස්තු, පාරිභෝජන බදු ආදිය මගින් ඩයලොග් විසින් රජයට මෙලෙසින් ආදායම් උපයා දී ඇත.
ගෙවී ගිය කාර්තුව තුළ දී ඩයලොග් ටෙලිවිෂන් හරහා උපයා ඇති ආදායම 8% කින් වර්ධනය වී තිබෙන එය රු. බිලියන 1.6 ක් ලෙසින් වාර්තා වේ. මෙහිදී 2016 මාර්තු 31 වන විට රටපුරා සිටින ටයලොග් ටීවී පාරිභෝගිකයින් ප්‍රමාණය 701,000 ක් ලෙසින් වාර්තා වේ.
සමූහයේ ස්ථාවර විදුලිසංදේශ හා බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාපාරය මෙම කාර්තුව තුළ දී රු. බිලියන 2.1 ක ආදායමක් උපයා තිබේ. මෙය පසුගිය වසර හා සැසඳීමේ දී 21% ක ඉහළ යාමකි.
2016 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා සමාගමේ කොටසක ඉපැයුම සත 33 ක් වන අතර පෙර වර්ෂයේ අදාළ කාර්තුවේ දී එය සත 24 ක් විය.
Video Story