December, 11, 2015
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සේවා සම්පාදන සමාගම වන ඩයලොග් ආසිආටා මේ වනවිට Cumulus නමින් විශේෂ ක්ලවුඩ් (Cloud) සේවා එකතුවක් හඳුන්වා දී තිබේ. ලොව නවීනතම තොරතුරු තාක්ෂණයෙන් ප්‍රයෝජන ලැබීමේ අවස්ථාව මෙරට සමාගම් හා ආයතන වෙත ලබාදීම මෙහි අරමුණ වී ඇත.
වෙළඳපොළ වෙත වැඩි වේගයෙන් පිවිසීමේ හැකියාව, අඩු වියදම, නව්‍යකරණය සහ නම්‍යශීලී බව වැනි ගුණාංග කැටිකරගත් Cumulus සේවාව ඩයලොග් සතු විශිෂ්ට සන්නිවේදන තාක්ෂණය, අසමසම බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා පිරිනැමීමේ හැකියාව සහ ජාත්‍යන්තර මට්ටමේ හවුල්කරුවන් වෙතින් ලැඛෙන අති නවීන ක්ලවුඩ් තාක්ෂණ යටිතල ව්‍යුහය වැනි ප්‍රතිලාභ රැසකින්ද සමන්විත වී තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ සමාගම් හා ආයතනවලට ජාත්‍යන්තර මට්ටමේ පවතින, එහෙත් සැබවින්ම දේශීය ක්ලවුඩ් සේවාවක් ලබාදීමට ඩයලොග් සමාගමට හැකියාව ලැබී ඇත.
Cumulus තුළින් මෙරට මහා පරිමාණයේ ව්‍යාපාරවල මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලද තොරතුරු හා සන්නිවේදන අවශ්‍යතා සඳහා ක්ලවුඩ් අවකාශ ලබාදීම ඩයලොග් හි අපේක්ෂාව වේ. අතථ්‍ය තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහය, ආයතින ගබඩා අවකාශ හා දත්ත ගබඩා සේවා, පණිවිඩ යැවීමේ විසඳුම්, සංවර්ධන පදනම්, උපාංග කළමනාකරණ සේවා, ව්‍යාපාරික මෘදුකාංග, ඵලදායීතා විසඳුම් සහ කළමනාකරණය කරනු ලබන ආරක්ෂක විසඳුම් යනාදී පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් හා සේවාවන් රැසක් මීට ඇතුළත් වී ඇත.
ඩයලොග් විසින් ලොව ක්ලවුඩ් තාක්ෂණය සම්බන්ධ පුරෝගාමී සමාගම් රැසක් සමග අත්වැල් බැඳගෙන මෙම සේවාව පිරිනමනු ලැබීම විශේෂත්වයකි. Ericsson, EMC, Fortinet, Hewlett Packard Enterprise, Kingslake සහ Microsoft යන සමාගම් මෙසේ ඩයලොග් සමග එක්වී සිටින අතර, මෙරට ISO 27001:2013 සහතික ලද එකම අන්තර්ජාල මධ්‍යස්ථාන එකතුව වන ඩයලොග් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථාන මගින් Cumulus සේවාව host කිරීම සිදුකෙරේ. ඒ නිසා මෙය තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධ ඉහළම ප්‍රමිතීන් පවත්වාගැනීමට සමත් සේවාවක් ලෙසද හඳුන්වා දිය හැක.
“අද මෙසේ අපට Cumulus හඳුන්වා දීමට හැකිවී තිඛෙන්නේ දත්ත මධ්‍යස්ථාන හා සම්බන්ධතාවන් වැඩිදියුණු කිරීම සඳහා දැනටමත් විශාල ආයෝජනයන් කර ඇති නිසයි. සහනදායී ගාස්තු යටතේ හිමිවන සහ පහසුවෙන් භාවිතා කළ හැකි මෙම සේවාව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුවට විශාල පිටිවහලක් වනු ඇති බවට සැකයක් නැහැ. අප හා අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන්ගෙන් ලැඛෙන මහඟ= දායකත්වයන් නිසා ඉතාමත් සුළු මුදලකට මෙම සේවාව පාරිභෝගිකයන් වෙත ලබාදීමේ හැකියාව අපට උදාවී තිඛෙනවා. මෙම වැඩසටහන, මෙරට ව්‍යාපාරවල සහ ව්‍යාපාරිකයන්ගේ උන්නතිය වෙනුවෙන් ඩයලොග් සමාගම දක්වන කැපවීමට තවත් විශිෂ්ට උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.“ ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී ජෙරමි හක්ස්ටබල් මහතා පැවසී ය.
“ශ්‍රී ලංකාවේ කොටස් තැරැව්කරණ ක්ෂේත්‍රයේ නියුතු අප වැනි සමාගම්වලට මෙන්ම සමස්තයක් ලෙස රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් වන hosting විසඳුමක් ලබාදීමට ඩයලොග් මේ වනවිට සමත් වී තිඛෙනවා. මෙය ඉතාමත් වාසිදායක වගේම අපගේ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් සපුරාලීමට ඛෙහෙවින් උපකාරී වන විසඳුමක් ලෙස හැඳින්විය හැකියි. ඒ වගේම ඩයලොග් දත්ත මධ්‍යස්ථානවලට ISO 27001:2013 සහතිකකරණය හිමිවී තිඛෙන නිසා දත්තවල ආරක්ෂාව ගැනත් කිසිදු සැකයක් ඇතිවන්නේ නැහැ. ඩයලොග් වෙතින් ලැඛෙන මේ නිර්මාණශීලී සේවාවන් සමග ඔවුන්ගේ ආයතනික සහය ක්‍රියාවලිය නිසා අපට අනාගතයේදී ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල් කිරීමේ නිදහස ලැබී තිඛෙන බව කියන්නට පුළුවන්.“ ඩයලොග් සමාගමේ පාරිභෝගිකයෙකු වන DirectFN හි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී රීසා ෂා මහතා පැවසී ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා ජාලය වන ඩයලොග් මේ වනවිට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආදිය සඳහා අන්තර්ජාල හා දුරකථන සේවා මෙන්ම නිර්මාණශීලී ජාත්‍යන්තර සේවා හා ඩිජිටල් සේවා විසඳුම් ඇතුළු පරිපූර්ණ ආයතිනක විසඳුම් රැසක් පිරිනමයි. එහි hosted විසඳුම් සේවා රැස අතරට Infrastructure as a Service (IaaS), Platform as a Service (PaaS), සහ Software as a Service (SaaS) ආදිය ඇතුළත් වී ඇත. එමෙන්ම ඩයලොග් අන්තර්ජාල දත්ත මධ්‍යස්ථාන සේවා අතරට එහි දත්ත මධ්‍යස්ථාන 3 හරහා පිරිනමනු ලබන සම-ස්ථාන සේවාවන්ද ඇතුළත් වී තිබේ.
ඡායාරූපය - වමේ සිට - Kingslake ප්‍රධාන විධායක නිලධාරි දුලිප් ප්‍රනාන්දු මහතා, Hewlett Packard Enterprise ප්‍රධානී ශිරාන් පෙරේරා මහතා, එරික්සන් ශ්‍රී ලංකා හි ප්‍රධානී ඩෙනිස් බෘෘනෙටි මහතා, ඩයලොග් එන්ටර්ප්‍රයිසස් සමූහ ප්‍රධාන නිලධාරි ජෙරමි හක්ස්ටබල් මහතා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි මුහුන්දන් කනගේ මහතා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයෙහි සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය, ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අස්වාන් කාන් මහතා, EMC2 ප්‍රධානී සුරේෂ් ද සිල්වා මහතා, FORTINET කලාපීය විකුණුම් ප්‍රධානී රාකේෂ් විශ්වනාදන් මහතා, මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා හා මාලදිවයන් ප්‍රධානී බ්‍රයන් කීලි මහතා
Video Story