February, 25, 2016
ඩයලොග් ආසියාටා සහ ආසිරි රෝහල් සමූහය එක්ව ඒකාබද්ධ ව්‍යාපාරික සහයෝගීතාවකට පසුගිය දා අත්සන් තබන ලදී. ඩයලොග් ආසියාටා හි පාලිත සමාගමක් වන ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පුද්) සමාගමේ බද්ධ ව්‍යාපාරියක් වන සී/ස ඩිජිටල් හෙල්ත් (පුද්) සමාගම සහ ආසිරි රෝහල් සමූහය අතර මෙම ගිවිසුම් ගතවීම සිදු වී තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත විද්‍යුත් වාණිජ සේවාවන් හඳුන්වාදීම මෙම නව ව්‍යාපාර සහයෝගීතාවයෙහි අරමුණ වී තිබේ.
මෙහිදී නව ව්‍යාපාරයෙහි 70% ක හිමිකාරීත්වය ඩිජිටල් හෝල්ඩිංග්ස් සතුවන අතර 30% ක හිමිකාරීත්වය ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සතුවේ.
Video Story