ඩිජිටල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් විසින් මෙහෙයවන ලද NEOS වැඩසටහන සඳහා NDB බැංකුව SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ රන් පදක්කම දිනා ගන්නා ලදී

    September, 26, 2025

    ශ‍්‍රී ලාංකීය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් වන SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී NDB බැංකුව රන් පදක්කමකින් පිදුම් ලැබීම පිළිබඳව ඉතා ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ ඇප් එක ලෙස NDB NEOS ඇප් එක ස්ථානගත කිරීම සඳහා ඩිජිටල් ගේමින් සහ ඩිජිටල් බැංකුකරණය ඒකාබද්ධ කළ නව්‍යතම මුලපිරීමක් වූ NDB  “අවුරුදු දුපත” ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මෙම සම්මානය පිරිනමන ලදී.

    Gamer.LK සමඟ සහයෝගයෙන් ක‍්‍රියාත්මක කරන ලද මෙම ප‍්‍රචාරණ වැඩසටහන, මෙරට ජන සමාජය තුළ ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතිකාංගයක් වන සිංහල සහ දෙමළ අලූත් අවුරුදු උත්සව සමයේදී දියත් කරන ලදී. සාම්ප‍්‍රදායික ප‍්‍රචාරණ ව්‍යාපාරයක් තෝරා ගැනීමට වඩා, NDB බැංකුව තම ඉලක්කගත ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම සඳහා වර්ථමානයේ සීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත වෙමින් පවතින අවකාශයක් වන ඩිජිටල් ගේමින් අවකාශය තෝරා ගන්නා ලදී.

    මෙම වැඩසටහන නිර්මාණය වී තිබුනේ NDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවත් සමඟින් ත‍්‍රාසජනක අත්දැකීමක් ඇතුළත් වූ පරිකල්පනීය කතා වස්තුවකි. ඩිජිටල් NDB අවුරුදු දුපත, මුදල් හුවමාරු කිරීමේ සහ වෙළඳාම් කිරීමේ හැකියාව කඩාකප්පල් කළ ආර්ථික යක්ෂයා වන ‘ආර්ථික භූතයා’ විසින් වටලනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ බලපෑම්කරුවන් වන මනියා සහ සදු සමඟින් දුපත බේරා ගැනීම සඳහා තවත් ජනප‍්‍රිය ක‍්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ එක්රැස් වූහ. යක්ෂයා පරාජය කිරීමට සහ දුපත වීරයා නැවත නැඟි සිටුවීමට අවශ්‍ය කරන බලය කැටිවුනු දුපත පුරා විසිරුණු ‘NDB කොටස්’  500 ක් එකතු කිරීමට ක‍්‍රීඩකයින් තරඟ කරන විට පේ‍්‍රක්ෂකයින්ද ක‍්‍රියාශීලීව ඔවුන් අනුගමනය කළහ.

    මෙම වැඩසටහන සඳහා වූ විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මත  මෙහිදී වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩකයා ලෙස මනියා තේරී පත්විය. එහිදී ඔහු මෙම ක‍්‍රීඩාව ජයග‍්‍රහණය සම්පූර්ණ කිරීම සඳහා NEOS යෙදුමේ බලය යොදා ගන්නා ලදී. QR කේත ස්කෑන් කිරීමෙන් ක‍්‍රීඩාව තුළ ඇඳුම් මිලදී ගැනීම, ඩිජිටල් මාධ්‍ය කලාකරුවන්ට සහාය වීම සහ Clean Ocean Force හිි “ Adopt a Beach” මුලපිරීම සඳහා මුදල් පරිත්‍යාග කිරීම දක්වා, එදිනෙදා ජීවිතය හා සමගාමී ලෙස අන්තර් ක‍්‍රියාකාරී අංගයන් රැසක් තුලින් මෙම වැඩසටහන විචිත‍්‍රවත් වී තිබිණි.

    මෙම නැවුම් ඩිජිටල් අත්දැකීම සඳහා NEOS ඇප් එක සම්බන්ධ කිරීම මඟින්, ක්ෂණික මුදල් මාරු කිරීම්, QR ගෙවීම්, බිල්පත් පියවීමේ විකල්ප සහ vKYC හරහා ඔන්ලයින් ක‍්‍රමයෙන් ගිණුම් විවෘත කිරීම වැනි විශේෂාංග NDB බැංකුව විසින් ඵලදායී ලෙස ප‍්‍රදර්ශනය කළේය. වේගවත් බව, පහසුව සහ ඩිජිටල්-මූලික ජීවන රටාවන් අගය කරන Gen Z සහ Millennials ගනුදෙනුකරුවන් අතර මෙම නැවුම් අත්දැකීම විශාල වශයෙන් කතා බහට ලක් වී තිබිණ.

    ඔන්ලයින් ක‍්‍රීඩා කරන්නන්ගේ සත්කාරකත්වයෙන් පවත්වන ලද සජීවී විකාශන හරහා මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, අවුරුදු සමයේ ප‍්‍රීතිය සහ ක‍්‍රීඩා කිරීමේ උද්යෝගය සමඟ ඒකාබද්ධ කරන ලද උත්වසවශ‍්‍රීයක් නිර්මාණය කරන ලදී. පේ‍්‍රක්ෂකයින්ගේ නැරඹීම පමණක් නොව ඔවුන් ඉතා උද්යෝගයෙන් සම්බන්ධ වෙමින් ක‍්‍රියාකාරීව මෙම වැඩසටහනේ කොටසක් බවට පත් වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස සාම්ප‍්‍රදායික වෙළඳ දැන්වීම් වලට ලබා ගත නොහැකි මට්ටමේ ආරම්භයක් සහ වෙළඳ නාම ආකර්ෂණයක් ඇති විය.

    මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ සහකාර උප සභාපති සහ අලෙවිකරණ ප‍්‍රධානී දර්ශන ජයසිංහ මහතා පවසා සිටියේ   “SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ රන් පදක්කම දිනා ගැනීම NDB අපට සුවිශේෂී අවස්ථාවකි.  “අවුරුදු දුපත” යනු ප‍්‍රචාරන වැඩසටහනකට වඩා වැඩි යමක් වූ අතර එය ඩිජිටල් බැංකුකරණය සමාජ කතිකාවකට එක් වූ සංස්කෘතික අවස්ථාවක් විය.  ඔන්ලයින් ක‍්‍රීඩා අවකාශයට පිවිසීමෙන්, අපි තරුණ ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත බලගන්වමින්, අව්‍යාජව, විනෝදාත්මක ලෙස NDB NEOS හඳුන්වා දෙන ලදී. බැංකුකරණයෙන් ඔබ්බට යමින් අපගේ ගනුදෙනුකරුවන් සමඟ ගැඹුරින් සම්බන්ධ වන අත්දැකීම් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම මෙම සම්මානය මගින් තහවුරු කරයි” යනුවෙනි.

    NDB අවුරුදු දුපත වැඩසටහන, ඩිජිටල් ක‍්‍රියාකාරීත්වය සමඟ සංස්කෘතිය, තාක්ෂණය සහ විනෝදාස්වාදය මුසු කරමින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ නව සීමා මායිම් සනිටුහන් කරන ලදී. NDB බැංකුවේ මෙම ජයග‍්‍රහණය නිර්මාණාත්මක විශිෂ්ටත්වයේ පිළිගැනීමක් පමණක් නොව, සැබෑ මූල්‍ය නිදහස සමඟ ශ‍්‍රී ලාංකිකයින් සවිබල ගන්වමින් පාරිභෝගික සහභාගීත්වය නැවත අර්ථ දැක්වීම සඳහා එහි කැපවීම නැවත තහවුරු කිරීමකි.

    NDB බැංකුව සිය ඩිජිටල් පිරිනැමීම් අඛණ්ඩව පුළුල් කරමින්, බැංකු සීමාවන් ඉක්මවා යාම, නොබියව නවෝත්පාදනයන් සිදු කිරීම සහ බැංකුකරණය තම ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිතයේදී බාධාවකින් තොරව සිදු කිරීම පමණක් නොව අර්ථවත් ලෙස සිදු කිරීම කෙරෙහි ද අවධානය යොමු කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.