ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දෙයි

    March, 9, 2026

    විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි.

    මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්, ව්‍යාපෘතිය භාර කණ්ඩායම්, සන්ෂයින් සාමාජිකයින් සහ තාක්ෂණික හවුල්කරුවන් සහභාගී විය. මෙම පද්ධතිය දැනටමත් සුව සේවා සහ පාරිභෝගික අංශවල සාමාජිකයින් 1,700 කට වැඩි පිරිසක් භාවිත කිරීම ආරම්භ කර ඇති අතර ඊළඟ අදියරවලදී මෙම පද්ධතිය අනෙකුත් ව්‍යාපාරික ඒකක වෙත ව්‍යාප්ත කිරීමට නියමිතය.

    සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි අඛණ්ඩ වර්ධනයට සහ පුළුල් මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා මෙම නව පද්ධතිය නිර්මාණය කර ඇත. එය සමාගමට සාමාජිකයින් වඩාත් ඵලදායීව කළමනාකරණය කිරීමට, විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට සහ සමස්ත සමූහය පුරා ශක්තිමත් තීරණ ගැනීමට උපකාරී වන තනි ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “සන්ෂයින් හි අනාගත වර්ධනය රඳා පවතින්නේ සමාගම තම සාමාජිකයින් කෙතරම් හොඳින් කළමනාකරණය කරමින් සංවර්ධනය කරන්නේද යන්න මතයි. මෙම නව පද්ධතිය වැදගත් දිගුකාලීන ආයෝජනයක් වන අතර එය සාමාජිකයින් සහ සමාගම යන දෙකම එකවර වර්ධනය වන පැහැදිලි, කාර්යසාධනය මත පදනම් වූ පද්ධතියක් නිර්මාණය කිරීමට උපකාරී වනවා. අපගේ සාමාජිකයින් ඔවුන්ගේ කාර්යයන් සමූහයේ ඉලක්ක සමඟ සම්බන්ධ කරන විට සමස්ත සමූහයේම අනාගතය ඒ හරහා ශක්තිමත් කරනු ලබනවා.” යනුවෙනි.

    සමාගමේ පරිවර්තනීය ගමනේ කොටසක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් විධිමත් තේරීම් ක්‍රියාවලියකින් පසු මෙම නව පද්ධතියේ ප්‍රධාන තාක්ෂණ වේදිකාව ලෙස Oracle Human Capital Management (HCM) පද්ධතිය තෝරා ගත්තේය. මෙය ආරක්ෂිත cloud තාක්ෂණය මත පදනම් වූ විසඳුමක් වන අතර සමූහය පුරා ශ්‍රම බලකාය කළමනාකරණය කිරීමට, ශ්‍රම බලකායේ දත්ත විශ්ලේෂණය සහ වඩා හොඳ ආයතනික සැලසුම්කරණයට සහාය වේ.

    “සමාගම විශාල හා සංකීර්ණ වී එහි අභ්‍යන්තර පද්ධති ද වැඩිදියුණු වී ඇති බැවින් ඒවා අපගේ සාමාජික සාමාජිකාවන් සහ ව්‍යාපාර මෙහෙයුම්වල වර්ධනයට ගැලපෙන පරිදි වෙනස් විය යුතුයි. මෙම පද්ධතිය අපගේ ශ්‍රම බලකායට සහාය වන පද්ධති ශක්තිමත් කරන අතර වඩාත් හොඳින් සම්බන්ධ වීමට ඉඩ සලසනවා. ඒවගේම සමාගම එකම අනුකූලතාවකින් පුද්ගලයින් කළමනාකරණය කරන අතර සමූහයේ අනාගත සැලසුම්වලට ගැලපෙන ආකාරයේ අත්දැකීමක් සාමාජිකයින්ට ලබා දෙනවා.” යනුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන පිරිස් සහ ආයතනික සන්නිවේදන නිලධාරීනී මිෂෙල් සේනානායක මහත්මිය පැවසුවාය.

    සමූහයේ මානව සම්පත්, ඩිජිටල් සහ ව්‍යාපාරික කණ්ඩායම් මෙන්ම මෙම පද්ධතිය ස්ථාපිත කිරීමට සහාය වූ බාහිර හවුල්කරුවන් සමඟ සමීප සහයෝගීතාවයකින් මෙම පද්ධතිය ක්‍රියාත්මක කරන ලදී. මෙමගින් ගෝලීය හොඳම භාවිතයන්, දේශීය මෙහෙයුම් අවශ්‍යතා සහ ආයතනික සංස්කෘතියට අනුකූලව ඇති බවට සහතික විය.

    “තිරසාර පරිවර්තනය ආරම්භ වන්නේ හිමිකාරිත්වය, සහයෝගීතාවය සහ තාක්ෂණය හඳුන්වා දීමට පෙර ආයතනය තුළ අප වැඩ කරන ආකාරය වැඩිදියුණු කිරීමට ඇති කැමැත්ත මතයි- මෙම පද්ධතිය ශක්තිමත් කිරීමට සහ හොඳ ව්‍යුහගත ඩිජිටල් පදනමක් ගොඩනැගීම සඳහා සියලුම කණ්ඩායම් කැපවී කටයුතු කරනවා. එය අපගේ සාමාජිකයින්ට අඛණ්ඩව සහාය වන අතර සමූහය පුරා අනාගත පරිවර්තනයට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී ඉන්ෆියාස් අලි මහතා සඳහන් කළේය.

    මෙම නව පද්ධතිය සමාගමේ වැඩ කටයුතු වඩා හොඳින් කළමනාකරණය කිරීමට, වඩාත් කාර්යක්ෂමව වැඩ කිරීමට සහ සාමාජිකයින්ගේ සහභාගීත්වය වැඩි කිරීමට උපකාරී වේ. අනාගත වර්ධනය සඳහා සූදානම්, ඩිජිටල් සක්‍රීය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආයතනයක් බවට පත් කිරීමේ සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි දිගුකාලීන දැක්ම මෙමගින් අවධාරණය කරයි.