ඩිජිටල් බැංකුකරණය දිරිගැන්වීමට කොමර්ෂල් බැංකුවෙන් දිනුම් අවස්ථා සහිත වැඩසටහන් දෙකක්

    June, 28, 2024

    ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ තවත් ප්‍රචලිත කිරීම උදෙසා දියත් කර ඇති වැඩසටහන් දෙකක් තුලින් පාරිභෝගිකයින් 300 දෙනෙකුගේ විදුලි බිල්පත් පියවා ගැනීමටත් තිදෙනකුට සිංගප්පූරු සංචාරක පැකේජ හයක් දිනා ගැනීමට අවස්ථාව සැලසී ඇත.

    ‘Pay and Win’ සහ ‘Transact and Win’ යන ප්‍රවර්ධන වැඩසටහන් යටතේ කොම්බෑන්ක් ඩිජිටල් භාවිත කරන්නන් සියල්ලන්ටම අගෝස්තු මස අවසානය දක්වා මෙම වටිනා ත්‍යාග දිනා ගැනීම සඳහා හැකියාව පවතින බව බැංකුව නිවේදනය කරයි. එසේම කොම්බෑන්ක් ඩිජිටල් සඳහා නව ලියාපදිංචි වන්නන්ට ද සුදුසුකම් නිර්ණායක පූර්ණ කරමින් මේ සඳහා ඇතුලත් විය හැක.

    ‘Pay and Win’ ප්‍රවර්ධන වැඩසටහන යටතේ  කොම්බෑන්ක් ඩිජිටල් ඔස්සේ ජුනි සිට අගෝස්තු මස දක්වා විදුලි බිල් පත් ගෙවන්නන් සඳහා රු.10,000 ක් දක්වා වූ කෑෂ් බැක් දීමනාවක් මසකට පාරිභෝගිකයන් 100 දෙනකු බැගින් 300 දෙනෙකුට කොමර්ෂල් බැංකුව පිරිනමනු ලබයි.

    ඊට සමගාමීව ‘Transact and Win’ ප්‍රවර්ධන වැඩසටහන යටතේ මසකට උපයෝගීතා බිල්පත් තුනක් ඇතුළුව ගනුදෙනු 5ක් හෝ ඊට වැඩියෙන් මාස තුනකට ඉටුකරන පාරිභෝගිකයින් අතරින් තුළින් දිනුම් ඇඳීමක් හරහා තෝරාගන්නා ජයග්‍රාහකින් තිදෙනකුට සිංගප්පූරු සංචාරයක් සඳහා පැකේජයන් දෙකක් බැගින් ප්‍රදානය කිරීමට නියමිතය.

    “කොම්බෑන්ක් ඩිජිටල් ඔස්සේ දැනටමත් සෑම මසකම මිලියන හතරකට වැඩි සාමාන්‍ය ගනුදෙනු සංඛ්‍යාවක් සිදුවන අතර අපගේ අරමුණ වන්නේ මෙවැනි දිරිගැන්වීම් සමග තවදුරටත් භාවිතය ඉහළ නැංවීමයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන කොම්බෑන්ක් ඩිජිටල් හි පුළුල්භාවිතය තවත් පුද්ගලයින් වෙත සක්‍රීය හා පහසු කරමින් ආකර්ෂණීය ත්‍යාග සහ කෑෂ් බැක් ප්‍රතිලාභ ලබා දෙන විශේෂාංග අත්දැකීමක්,” යැයි කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - ඩිජිටල් බැංකුකරණ ප්‍රදීප් බන්දුවංශ මහතා පැවසීය.

    බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන කොමර්ෂල් බැංකු ඩිජිටල් යෙදුම ත්‍රෛභාෂිකව මිලියන 1.3 කට අධික ලියාපදිංචි ගනුදෙනුකරුවන් පිරිසක් සඳහා දැනටමත් සේවය සපයන අතර පළමු වර්ෂය සඳහා වාර්ෂික ගෙවීමකින් සහ සම්බන්ධ වීමේ ගාස්තුවකින් තොරව නව ගනුදෙනුකරුවන් සඳහා කොම්බෑන්ක්  ඩිජිටල් හි ලියාපදිංචි වීමට හැකියාව පවතින බව බැංකුව පවසයි. මෙම වේදිකාව භාවිත කරන්නන් සඳහා නව විශේෂාංග, විශාල පරාසයක ප්‍රතිලාභ සහ පිරිනැමීම් ද සැලසුම්කර ඇති බවද බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.