December, 18, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානූ නිල සංචාරය මගින් ශ්‍රී ලංකා-ඉන්දීය ද්විපාර්ශවීය සහයෝගීතාව නව ආකාරයකින් ශක්තිමත් කිරීම මෙන්ම, මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා නව්යය ප්‍රවේශයක් වනු ඇතැයි කොළඹ වාණිජ්‍ය මණ්ඩලය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහකරුවකු වන ඉන්දියාව සමඟ මෙරට ආර්ථික හා භූදේශපාලන සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය සතුටු වන අතර, මෙම තීරණය අතිශයින්ම අභියෝගාත්මක පරිසරයක් තුළ නිවැරදි පියවරක් ලෙසද සැළකිය හැකියි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මගින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධන උත්සාහයන්හි විශ්වාසනීය සගයෙකු ලෙස තමන්ගේ භූමිකාව තහවුරු කර ඇති අතර, එය මෙරට සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමට ඉතා වැදගත් පියවරක් වේ.
විශේෂයෙන්, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම මෙම සංචාරයේ විශේෂ මූලික ප්‍රතිඵලයක් ලෙස සැළකිය යුතුය. මෑත කාලීනව ඉන්දියාව අතිශයින්ම සාර්ථකව ඩිජිටල් ආර්ථිකයක් දක්වා පරිවර්තනය වී ඇති අතර, එම මොඩලය ශ්‍රී ලංකාවට ඵලදායි ලෙස අනුගත කල හැකි හැකි යැයි කොළඹ වාණිජ්‍ය මණ්ඩලය විශ්වාස කරයි. ඉන්දියාවේ මිලියන ගනනක් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල් මූල්‍ය ගණුදෙනු වෙත සාර්ථකව පරිවර්තනය කිරීම සිදුකළ අතර එය ශ්‍රී ලංකාවට සෘජුවම භාවිතා කල හැකි අත්දැකීමකි.
එහිදී, ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර ඒකාබද්ධ කාර්ය සාධක ඒකකයක් පිහිටුවීමට එකඟතාවය පළවීම මෙම සංචාරයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක් වශයෙන් ද සලකිය හැක.
මීට අමතරව, ඉන්දියාව මෙරට බලශක්ති, කෘෂිකර්ම වැනි අංශ කිහිපයකට ආයෝජන සහායෝගය ලබා දීමට දැක්වූ කැමැත්ත සම්බන්ධයෙන්ද වාණිජ්‍ය මණ්ඩලය සුබවාදී ස්ථාවරයක් දරයි.
එමෙන්ම, ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම හා එමගින් ශ්‍රී ලංකාවට ලබාගතහැකි වාසි සම්බන්ධයෙන් අලුත් කතාබහක් ආරම්භ වීම, දෙරට අතර නව වෙලඳ හා ආයෝජන අවස්ථා ගොඩනැගීමට නවමු මගක් විවර කරනු ඇතැයි කොළඹ වාණිජ්‍ය මණ්ඩලය විශ්වාස කරයි.
ජනාධිපතිතුමාගේ මෙම ඉන්දියානු සoචාරය, දෙරට අතර ඇති අනවබෝධයන් දුරු කරමින් ශ්‍රී ලංකාවට නව අරඹුමක් හා අනාගත ආර්ථික ප්‍රගතියට දැවැන්ත බලපෑමක් වනු ඇති බවට කොළඹ වාණිජ මණ්ඩලය සුබවාදී ආකල්පයක සිටී.
Video Story