January, 25, 2017
මීළඟ පරම්පරාවේ නව තාක්ෂණයේ පුරෝගාමීන් ආසියාවට ආකර්ශනය කරගැනීම මඟින් නවෝත්පාදනයන් හා තාක්ෂණයන් හඳුන්වා දීම, දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව හරහා රටවල් සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම යනාදී අරමුණු පෙරදැරිව 2017 මාර්තු මස 23 සහ 24 යන දෙදින තුළ ඩිජිටල් සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත.
මේ සඳහා ෆේස්බුක් (Facebook), ගූගල් (Google), සෝෂල් කැපිටල් (Social Capital), ඉන්ෆොසිස් (Infosys) ආදී මෙම ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් සහිත සමාගම්වල ප්‍රවීණයන් සහ විධායක නිලධාරින් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story