April, 3, 2026
එකතු කළ අගය මත බදු (VAT) පනත විධිමත් ලෙස සංශෝධනය කිරීමට යටත්ව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ඩිජිටල් සේවා සැපයීම මත පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාත්මක වන දිනය 2026 ජූලි 01 තෙක් තවදුරටත් කල් දමනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025‑10‑01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non‑resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ. කෙසේ වුවද, ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස ප්‍රායෝගික හේතූන් කිහිපයක් දක්වමින් නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් විසින් කර තිබූ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අදාළ බද්ද බලාත්මක කෙරෙන දිනය මීට පෙර 2026 අප්‍රේල් 01 දක්වා කල්දැමුණි. නව නිවේදනයට අනුව අදාළ බලාත්මක කෙරෙන දිනය නැවත වතාවක් 2026 ජූලි 01 දක්වා කල් දමා ඇත.
ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇත. එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.
පහත සඳහන් ක්ෂේත්රයන් මෙම ඩිජිටල් සේවා ගණයට වැටෙනු ඇත.
මේ අනුව ඉහත සඳහන් ඩිජිටල් සේවාවන් සැපයීම, 2026 ජූලි 01 දින සිට 18% ක වැට් බදු අනුපාතිකයකට යටත් වීමට නියමිතය.

Video Story