October, 16, 2016
සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) සිය නවතම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය අනුරාධපුරයේදී විවෘත කරයි. අති නවීනතම Bosch උපකරණ වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටා තිබේ. දශක 7 කට අධික කාලයක් ඩීමෝ සහ Bosch අතර වන සහයෝගීතාව සමඟ ඩීසල් පද්ධති අලුත්වැඩියාවේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වීමට ඩීමෝ සමාගම සමත්ව ඇත. එපමණක් නොව එම කාල සීමාව තුළ ගණනය කළ නොහැකි ප්‍රමාණක් ඩීසල් පොම්ප අලුත්වැඩියාව ද ඩීමෝ විසින් සිදුකර තිබේ. එම අත්දැකීම් සහ පළපුරුද්ද අනුව මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය මඟින් ඩීසල් පද්ධති අළුත්වැඩියා කිරීම සිදු කෙරේ.
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඩීමෝ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථාන විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.එම මධ්‍යස්ථාන මඟින් සියලුම ඩීසල් වාහන හිමියන්ට සහ ගරාජ්කරුවන්ට Bosch වෙතින් ජාත්‍යන්තර මට්ටමේ විසඳුම් ලබාගත හැකිවන බවද හෙතෙම සඳහන් කලේය.
ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය මඟින් සියලුම වර්ගයේ ඩීසල් ඉන්ධන පොම්ප (රොටරි සහ ඉන්ලයින් පොම්ප) සේවා පහසුකම්, නවීකරණය, ඉන්ජෙක්ටර් අළුත්වැඩියාව සහ සේවා පහසුකම්, ඩීසල් රේල් පොම්ප සහ ඉන්ජෙක්ටර් ක්‍රමාංකනය කිරීම සහ අළුත් වැඩියා කිරීම, ආදී කටයුතු සිදුකෙරේ. ඩීසල් පද්ධති අළුත්වැඩියාව සඳහා මෙරට භාවිත කෙරන ඉහළම තත්වයේ අති නවීනතම උපකරණ ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය සතු වන අතර ඩීසල් තාක්ෂණය සහ අමතර කොටස් සම්බන්ධයෙන් අලෙවියෙන් පසු සේවා සපයන Bosch හි එකම බලයලත් සේවා මධ්‍යස්ථානය වන්නේ ද මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානයයි.
ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය මඟින් මඟී වාහන, වෙළද වාහන, බෝට්ටු එන්ජින්, සහ වාහන නොවන එන්ජින් ආදියෙහි ඩීසල් ඉන්ජන්ෂන් පොම්ප අළුත් වැඩියාව සිදුකරයි. එමෙන්ම නවීනතම ඩීසල් පරීක්ෂණ උපකරණ මෙහිදී භාවිත කිරීම විශේෂත්වයකි. මෙම මධ්‍යස්ථානයේ සේවය සඳහා යොදවා ඇති දක්ෂ පළපුරුදු කාර්මිකයින් විසින් වඩා විනිවිද භාවයකින් යුක්තව සියලුම සේවා පහසුකම් සපයනු ලබයි. ඩීමෝ ආයතනය සිය පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා ඩීසල් මධ්‍යස්ථාන විකේන්ද්‍රණය කිරීමේ වැඩපිළිවෙල හි ආරම්භය සටහන් කරමින් අනුරාධපුරයේ මෙම ඩීමෝ Bosch ඩීසල් මධ්‍යස්ථානය විවෘත කර ඇත.