ඩීමෝ 2016 වසරේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට එක්වෙයි

    July, 20, 2016

    සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙයි.

    Great Place to Work-GPTW ආයතනය ලොව පුරා සේවකයින් මිලියන 10කට අධික සංඛ්‍යාවක් සේවය කරන ආයතන 5500 ක් පමණ සහභාගි කරගනිමින් වාර්ෂිකව පවත්වන “සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ටතම සේවා ස්ථාන“ ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන වාර්ෂිකව පවත්වයි. මෙම වැඩසටහන ලෝකයේ පුළුල්තම වාර්ෂික සේවා ස්ථාන සමීක්ෂණය වන අතර එමඟින් සිය සේවකයින්ට සේවය කිරීම සඳහා වඩාත් සුදුසු පරිසරයක් සේවා ස්ථාන තුළ ගොඩනැගීමට පරිපාලකයින් උනන්දු කරවීම කරනු ලැබේ. මේ අනුව මෙම වසර තුළ ශ්‍රී ලාංකික සමාගම් 25 ක් පමණ මෙම වැඩසටහන මඟින් ඇගයීමට ලක් කර තිබේ.

    Great Place to Work-GPTW නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති උත්සවයක දී “සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ටතම සේවා ස්ථාන“ වැඩසටහනේ 2016 වසරේ ජයග්‍රාහකයින්ට සහතිකපත් පිරිනැමීම සිදුකෙරිණ.මෙහිදී ඩීමෝ සමාගම සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමද විශේෂත්වයකි. එනම් හොඳම ලැසිස්තු ගත සමාගම (පීඑල්සී), Excellence in Talent Acquisition සඳහා වන විශිෂ්ට සම්මානය, සහ "We love our Workplace" වීඩියෝ තරඟාවලියේ ප්‍රථම ස්ථානය යන ජයග්‍රහණ සියල්ලද ඩීමෝ සමාගමට හිමිවිය. ඩීමෝ සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා වෙත එම සම්මාන සහතික ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

    සේවා නියුක්තිකයින්ගේ දෛනික සබඳතා පදනම් කරගනිමින් "විශිෂ්ටතම සේවා ස්ථානයක්" නිර්මාණය වෙයි. මෙහිදී ප්‍රමුඛ කාරණය වන්නේ විශ්වාසයයි.සේවකයාගේ දෘෂ්ටි කෝණයට අනුව විශ්වසනීය ලෙස සේවාදායකයින් සමඟ සේවය කිරීම සහ එතුළින් තමා අභිමානයට පත්වීම සහ සේවය කිරීමට ඇති කැමැත්ත ආදී කරුණු මත විශිෂ්ටතම සේවා ස්ථාන හඳුනාගත හැකිවෙයි. සේවා ස්ථානයේ උසස් තත්වයේ සබඳතා, විශ්වාසය, අභිමානය සහ මිත්‍රත්වය යන කරුණු මත විශිෂ්ටතම සේවා ස්ථානයක් බිහිවෙයි.

    විශිෂ්ට සේවා ස්ථානයක් යන්නෙහි මූලධර්මය විශ්වාසය වන අතර එය කළමණාකාරීත්වයේ විශ්වසනීයත්වය මත රඳා පවතී. කළමණාකාරීත්වය සිය සේවකයා වෙත දක්වන සැලකිල්ල සහ ගෞරවණීයභාවය මත විශ්වසනීයත්වය ගොඩනැඟෙයි.සෑම සේවක පිරිසක්ම කළමණාකාරීත්වයේ යහපත් සැලකිල්ල අපේක්ෂා කරයි.

    ඩීමෝ සමාගම වර්ෂ 1939 සිට ලොව හොඳම ඉංජිනේරු වෙළඳ නාමයන් මෙරටට හඳුන්වා දීම සඳහා කීර්තියක් උසුලන අතර 1600 ක පමණ සේවක බල ඇණියකින් සමන්විත සමාගමකි. වසර 77 ක කාලයක් තුළ ලොව හොඳම නිෂ්පාදන වෙලඳ නාම 75 කට අධික සංඛ්‍යාවක් සමඟ ඩීමෝ කටයුතු කරයි.නවීන තාක්ෂණය, හොඳම සේවා පරිසරය,පෞද්ගලික සංවර්ධන සහ වෘත්තීය වර්ධනයන් සඳහා වන පුළුල් ඉඩකඩ ආදී කරුණු මත ඩීමෝ සමාගම මේ වනවිට වෘත්තීයවේදීන්ගේ සහ තාරුණ්‍යයේ විශ්වාසය දිනාගෙන සිටියි.

    ඡායාරූපය - ඩීමෝ ඉහළ කළමණාකාරීත්වය සහ මානව සම්පත් කණ්ඩායම සිය ජයග්‍රහණ සමඟ