ඩීසල් බැරල් ලක්ෂ 11ක කොන්ත්‍රාත්තුවක් චීනයේ Zhongxi Energy Development සමාගමට

    June, 25, 2024

    2024.08.01 සිට 2024.12.31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා ඇත.
    ඒ අනුව, ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාළ කාලය තුළ ඩීසල් බැරල් 280,000+/-5% ක් බැගින් වූ නැව් තොග 04 ක් සපයාගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව M/s Zhongxi Energy Development (Ningbo) Co. Ltd., China වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.