ඩුනාමිස් වැඩිබලතල දිනේෂ් ෂාෆ්ටර් ට

    February, 1, 2017

    Nextventures Limited සමාගම සතුව තිබූ ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි කොටස් 16,061,599 ක් මිල දී ගැනීමට ඩුනාමිස් කැපිටල් හි කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ඊයේ දිනයේ දී පියවර ගනු ලැබීය.

    මෙම කොටස් මිල දී ගැනීමත් සමඟම ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රමාණයෙන් 31.98% ක අයිතිය දිනේෂ් ෂාෆ්ටර් සතු වනු ඇත. මේ සමඟ සමාගම විශාලතම කොටස්කරුවා බවට දිනේෂ් ෂාෆ්ටර් පත්ව තිබේ.

    අදාළ කොටස් මිල දී ගැනීමේ දී කොටසකට රු. 25.00 බැගින් මිල නියමව තිබූ අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 401,539,975.00 ක් විය.