ඩුබායි ගුවන් අනතුරින් බේරුණු මගියාට ඩොලර් මිලියනයක ලොතරැයියක් ඇදිලා

    August, 11, 2016

    පසුගිය දා ඩුබායි ගුවන්තොටුපළේ සිදුවූ එමිරේට්ස් ගුවන් අනතුරින් බේරුණු මගියෙකුට ඩුබායි ගුවන්තොටුපළේ තීරුබදු රහිත මෙහෙයුම් සමාගමක් විසින් පවත්වනු ලැබූ ලොතරැයියක පළමු දිනුම ලැබී ඇතැයි වාර්තා වේ.

    ගල්ෆ් පුවත් සේවය වාර්තා කරනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 1 ක සුපිරි මුදල් ත්‍යාගයක් පෙර කී ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 62 හැවිරිදි මොහොමඩ් බෂීර් අබ්දුල් කාදර් විසින් ජයග්‍රහණය කර ඇති බවයි.

    ඉන්දීය ජාතිකයෙකු වන මොහු වසර 37 ක් පුරාවට ඩුබායි හි සේවය කරනු ලබයි. ඔහුගේ මාසික ආදායම ඩොලර් 2,200 ක් පමණ බව සඳහන් වේ.

    මෙ ජයග්‍රහණයත් සමඟම සිය උපන් බිම වන ඉන්දියාවේ කේරළය වෙත නැවත යාමටත්, සිය දරුවන් හට මෙම මුදලින් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවත් අබ්දුල් කාදර් ගල්ෆ් පුවත් සේවයට පවසා තිබේ.

    ඡායාරූප උපුටා ගැනීම - ගල්ෆ් පුවත් සේවය