February, 1, 2017
ශ්‍රී ලංකාව සිට ඩුබායි වෙත පියාසර කරන එමිරේට්ස් ගුවන් සමාගමේ ඉකොනොමි පන්තියේ මගීන්ට ඉතාමත් ආකර්ශනීය ප්‍රතිලාභයක් ලබාදෙමින් ඩුබායි හි, පිහිටි ලොව පුරා ප්‍රචලිත ‘තේමා උද්‍යානයන්’ (theme parks) හි දිනක් නොමිලේ විනෝදවීමේ අවස්ථාව ලබාදී තිබේ.
2017 පෙබරවාරි 01 වනදා සිට 09 වනදා දක්වා www.emirates.com/lk වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගනිමින් පෙබරවාරි 03 වනදා සහ මාර්තු 31 වනදා දක්වා ගුවන් ගමන් සිදුකරන සෑම ඉකොනොමි පන්තියේ ටිකට් පතකටම Legoland® Dubai" Motiongate™ Dubai සහ Bollywood Parks යන තේමා උද්‍යානයන් අතුරින් එකකට නොමිලේ ප්රවේශවී දිනක් විනෝදවීමේ අවස්ථාව එමිරේට්ස් ගුවන් සමාගම විසින් ලබාදෙයි.
මෙම උද්‍යානයක දිනක් විනෝදවීම සඳහා ටිකට් පතක් වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 12,000 ක් දක්වා මුදලක් වැයවන අතර එමිරේට්ස් ඉකොනොමි සේවර් සහ ෆ්ලෙක්ස් ප්ලස් යටතේ වෙබ් අඩවියෙන් ඩුබායි වෙත මිලදීගන්නා සෑම ගුවන් ටිකට් පතකටම මෙවැනි උද්‍යාන ටිකට් පතක් එමිරේට්ස් විසින් නොමිලේ ප්රදානය කරයි.
‘‘පවුලේ සියළු සාමාජිකයින් සමග ගොස් විනෝදවීමට ලෝකයේ තිබෙන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ඩුබායි ප්‍රචලිතයි. කළාපයේ තිබෙන අති නවීන මෙන්ම හොඳම තේමා උද්‍යාන වලින් ඩුබායි සමන්විතයිල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය. ‘‘සීමිත කාලයක් සඳහා පමණක් ලබාදෙන මෙම දීමනාව මගින් අමතර මුදලක් වියදම් නොකර ඩුබාහිදී ඉහළ සතුටක් ලබමින් විනෝදවීමේ අවස්ථාව ලබාදෙනවා.’’
ඩුබායි හි, තිබෙන තේමා උද්‍යානයන් අතුරින් Legoland® Dubai අවුරුදු 02-12 අතර දරුවන් සමග පවුලේ සැමට විනෝදවිය හැකි මැදපෙරදිග කළාපයේ තිබෙන ප්‍රමුඛතම තේමා උද්‍යානයකි. මෙම දීමනාව මගින් දිනක් පුරා LEGO® තේමාවෙන් යුතු ත්‍රාසජනක සහ විනෝදජනක ක්‍රියාකාරකම් වලට සහභාගීවීමේ අවස්ථාව හිමිවනු ඇත.
Motiongate™ Dubai කළාපයේ තිබෙන හොලිවුඞ් තේමාවෙන් යුතු දැවැන්තම තේමා උද්‍යානයයි. මෙම උද්‍යානයේදී හොලිවුඩයේ තිබෙන ඉහළම නමක් දරා තිබෙන DreamWorks Animation, Columbia Pictures සහ Lionsgate යන සමාගම් වලින් සපයන විනෝදාස්වාදය විඳගැනීමේ අවස්ථාව හිමිවේ.
බොලිවුඩයේ තිබෙන සියළුම දේ වෙනුවෙන් වෙන්වූ ලෝකයේ තිබෙන පළමු තේමා උද්‍යානය වන්නේ වර්ග අඩි මිලියන 1.7 ක ප්‍රමාණයකින් යුක්ත Bollywood Parks තේමා උද්‍යානයයි. මෙහි තේමා පහකින් යුතු කළාප වලදී බොලිවුඞ් විලාසිතාවේ විනෝදාස්වාද අවස්ථා උපරිමයෙන් ලබාදෙනු ඇත. වාර්තා පිට වාර්තා තැබූ බොලිවුඞ් චිත්‍රපට තේමාවන් අනුව සජීවී විනෝදාස්වාදය, වේදිකා සංදර්ශන ඇතුළු රසාලිප්ත බොහෝදේ මෙම තේමා උද්‍යනයේදී විඳගත හැකිය.
එමිරේට්ස් විසින් මේ වනවිට කොළඹ සහ ඩුබායි අතර දිනකට ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරයි. ගුවන් ගමන් වෙන්කර ගැනීම, කොන්දේසි ඇතුළු වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා http://www.emirates.com/lk වෙබ් අඩවියට පිවිසෙන්න.
ඉහළ සිට Bollywood Parks Dubai, Motiongate Dubai iy Legoland Dubai

Video Story