ඩුබායි බලා ශ්‍රීලංකන් යානය පිටත් වෙයි

    March, 4, 2026

    ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 231 ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර ඩුබායි බලා පිටත් වී තිබේ.

    මැදපෙරදිග යුදමය වාතාවරණයත් සමඟ එම කලාපයේ ගුවන් අවකාශ වසා දැමීමත් සමඟ ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල් ගණනාවක් වෙත සිදුකෙරුණු ගුවන් ගමන් නතර කෙරුණු අතර ඊයේ (03) සිට වරින් වර සීමිත කාලයකට පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් අවකාශ වරින් වර විවෘත කෙරුණි. මැදපෙරදිග කලාපයේ ප්‍රහාර දියත් වීමෙන් පසු ඩුබායි බලා පියාසර කරනු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් පළමු යානය මෙය වේ.

    මෙම ගුවන් යානය UL 232 අංකය යටතේ ඩුබායි වේලාවෙන් පැය 19.10ට නැවත කොළඹ බලා පිටත්වීමට නියමිතව ඇත.

    මේ අතර මැදපෙරදිග ගමනාන්ත වෙත ක්‍රියාත්මක වීමට නියමිත පහත ගුවන් ගමන් තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

    • UL225 Colombo – Dubai / UL226 Dubai – Colombo

    • UL217 Colombo – Doha / UL218 Doha – Colombo

    • UL253 Colombo – Dammam / UL254 Dammam – Colombo

    • UL265 Colombo – Riyadh / UL266 Riyadh – Colombo

    • UL229 Colombo – Kuwait / UL230 Kuwait – Colombo

    මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම අවලංගු කිරීම් සම්බන්ධයෙන් මගීන් දක්වන ඉවසීම සහ අවබෝධය අවංකවම අගය කර සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

    වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න: 1979 (ශ්‍රී ලංකාව තුළ); +94 11 777 1979 (ජාත්‍යන්තර); WhatsApp +94 74 444 1979 (පණිවිඩ සඳහා පමණි); ඔබේ සංචාරක නියෝජිතයා හෝ www.srilankan.com වෙත පිවිසෙන්න.