January, 30, 2016
කොළඹ සහ ඩුබායි අතර අමතර දෛනික ගුවන් ගමන් වාරයක් නිවේදනය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව පිළිබඳව සමාගමේ තිඛෙන කැපවීම සහ උනන්දුව යළිත් ප්‍රදර්ශනය කර ඇත.
මෙම නව දෛනික ගමන් වාරය 2016 අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන අතර ඒ සමඟ ඩුබායි සහ කොළඹ අතර දිනපතා එමිරේට්ස් ගුවන් ගමන් වාර 05 ක් සිදුවන අතර බදාදා දිනයේ පමණක් ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක වනු ඇත. මේ සමගම ගමනාන්ත දෙක අතර සතියකට සිදුවන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 34 දක්වා ඉහළ යනු ඇත.
“ව්‍යාපාරික සහ විනෝදකාමී සංචාරකයින් සඳහා කොළඹ ඉතාමත් ජනප්‍රිය ගමනාන්තයක්. සුන්දර වෙරළ තීර, දර්ශනීය සොබාදහම මෙන්ම වන සත්ත්ව උද්‍යාන හේතුවෙන් සංචාරකයින් ලංකාවට බොහෝ ඇලූම් කරනවා. අපගේ ගුවන් ගමන් වාර වැඩිකිරීම නිසා පහසුවෙන් තමන්ගේ ගමන් සැලසුම් කර ගැනීමට අපගේ මගීන්ට අවස්ථාව උදාවෙනවා. මේ තුළින් ලංකාවේ සිරිය වැඩි වශයෙන් විඳ ගැනීමටත් එමිරේට්ස් ගෝලීය ජාලය සමග පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාවත් ලැඛෙනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා පැවසීය.
“කොළඹ සිට ඩුබායි වෙත දෛනික ගුවන් වාරයක් වැඩිවීම තුළින් ව්‍යාපාරිකයින්, සංචාරකයින් සහ ශිෂ්‍යයින්ට එමිරේට්ස් ගෝලීය ජාලයට තිඛෙන සම්බන්ධතාවය වැඩිවෙනවා. මෙම ගමන් මාර්ගය නිසා ගුවන් භාණ්ඩ සඳහා ඉඩකඩ වැඩිවීම තුලින් ඩුබායි වෙත සහ ගෝලීය වෙළඳ පොළවල් වෙත ප්‍රවේශ වීමට අපනයන සහ ආනයනකරුවන්ට වැඩි අවකාශයක් ලැඛෙනවා“.
එමිරේට්ස් ගුවන් යානා තුළ ගමන් කරන මගීන්ට බහු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් පිරිනමන ඉහළ සත්කාරය භුක්ති විඳිය හැකි අතර මෙම කාර්ය මණ්ඩලයෙන් 150 දෙනෙකුට වැඩි පිරිසක් ශ්‍රී ලාංකිකයින් වේ. මීට අමතරව, ප්‍රණීත ආහාර පාන වලින් සප්පායම් වෙමින් එමිරේට්ස් හි සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතියේ පහස විඳීමේ අවස්ථාවද මෙහිදී මගීන්ට හිමිවේ. මෙම විනෝදාස්වාද පද්ධතිය තුළ සිනමා, රූපවාහිනී වැඩසටහන්, ක්‍රීඩා, හ~ කැවූ පොත් සහ සංගීතයෙන් පිරුණු නාලිකා 2,200 කට වැඩි ගණනක් තිඛෙන අතර Skytrax විසින් පිට පිටම වසර 11 ක් ලෝකයේ හොඳම ගුවන් යානා විනෝදාස්වාද පද්ධතිය ලෙස බුහුමනට ලක්කර තිඛෙන්නේද සජැ විනෝදාස්වාද පද්ධතියයි.
අගෝස්තු 01 වනදා සිට EK648 දරණ ගුවන් වාරය නවතම බොයින්ග් 777-300 ER යානයක් භාවිතා කරමින් ක්‍රියාත්මක වන අතර එය දිනපතා පැය 1355 ට ඩුබායි වෙතින් ගමන් අරඹා පැය 1955 ට කොළඹට පැමිණීමට සැලසුම් කර තිබේ. EK649 දරණ ගුවන් ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් (BIA) පැය 2210 ට පිටත් වී පසුදා පැය 0100 ට ඩුබායි වෙත ළඟාවීමට නියමිතය.
එමිරේට්ස් ගුවන් මගීන්ට ඉකොනොමි පන්තියේදී කිලෝ ග්රෑම් 30 ක භාණ්ඩ නොමිලේ රැගෙන යා හැකි අතර ව්‍යාපාරික පන්තියේදී කිලෝ ග්රෑම් 40 ක් සහ පළමු පන්තියේදී කිලෝ ග්රෑම් 50 ක භාණ්ඩ නොමිලේ රැගෙන යාමේ අවස්ථාව ලබාදී ඇත. පළමු හා ව්‍යාපාරික පන්ති තුළ ගමන් ගන්නා මගීන්ට ගුවන්තොටුපල තුල ඇති එමිරේට්ස් ගිමන් හල වෙත ප්‍රවේශවීමේ අවස්ථාව සහ තවත් සුඛෝපභෝගී එමිරේට්ස් සත්කාරක සේවාවන් හිමිවේ.
එමිරේට්ස් ගුවන් සේවයේ නිතර ගමන් කරන්නන් වෙනුවෙන් ගමන් කරන සැතපුම් ප්‍රමාණය අනුව ස්කයිවර්ඩ්ස් සැතපුම් උපයා ගැනීමට හඳුන්වාදී තිඛෙන සම්මානලාභී ස්කයිවර්ඩ්ස් වැඩසටහනේ සාමාජිකයින්ට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට, ගමනේ පහසුකම් වැඩිකර ගැනීමට හෝ අනිකුත් ප්‍රතිලාභ ලබාගැනීමට ස්කයිවර්ඩ්ස් සැතපුම් හිලව් කළ හැකිය.
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ගුවන් සේවයක් වන එමිරේට්ස් විසින් කොළඹට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබුවේ 1986 වසරේ අප්‍රේල් මාසයේදීයි. අද ලෝකයේ විශාලතම ගුවන් සමාගම වන එමිරේට්ස් මේ වන විට දිනපතා කොළඹ සිට ඩුබායි දක්වා ගුවන් ගමන් වාර හතරක් ක්‍රියාත්මක කරන අතර බදාදා දිනයේදී පමණත් ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක කරයි. ඩුබායි දක්වා දිනපතා ක්‍රියාත්මක මෙම ගුවන් ගමන් වලින් එකක් සිදුවන්නේ මාලදිවයිනේ අගනුවර වන මාලේ නුවර ඔස්සේයි. මීට අමතරව, එමිරේට්ස් කොළඹ සහ සිංගප්පූරුව අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඕස්ට්‍රේලියාව වෙත පහසු සම්බන්ධතාවයක්ද ලබාදෙයි. එසේම, ගෝලීය ගමනාන්ත 150 ක් වෙත එමිරේට්ස් ඉතා පහසු සම්බන්ධතාවයක් ලබාදෙයි.
Video Story