December, 8, 2016
අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි තම කලාපීය විකුණුම් කාර්යාලය නව ස්ථානයක විවෘත කිරීමට ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් පසුගියදා කටයුතු කළේ ය. බටපොල, අහුන්ගල්ල සහ හික්කඩුව වැනි අම්බලන්ගොඩ අවට ප‍්‍රදේශවල සිටින පාරිභෝගිකයන්ට පහසුවෙන් සේවා සැලසීමට ඇවැසි පරිදි මෙම අම්බලන්ගොඩ නව කලාපීය කාර්යාලය අංක 24, ගාලූ පාර, ඌරාවත්ත, අම්බලන්ගොඩ යන ස්ථානයේ දැන් විවෘතව ඇත.
මෙම නව මධ්‍යස්ථානය නවීන තාක්ෂණික අංගයන් රැුසකින් සමන්විත වන අතර එමගින් පාරිභෝගිකයන්ට බජාජ් නිෂ්පාදන හා සේවාවන් රාශියක් පහසුවෙන්ම ලබාගත හැකිවනු ඇත. එමෙන්ම මෙම මධ්‍යස්ථානය පිහිටා තිබෙන ස්ථානය හේතුවෙන් ඒ වෙත පාරිභෝගිකයන්ට පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව උදාවීම ද විශේෂත්වයකි.
කලාපීය කාර්යාල 40 ක් සහ දිවයින පුරා විසිරුණු 1500 කට අධික අලෙවි නියෝජිත පිරිසකගෙන් සමන්විත ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් මෙරට මෝටර් රථවාහන ක්ෂේත‍්‍රයේ විශාලතම බෙදාහැරීම් ජාලය හිමි සමාගම ලෙස සැලකේ. මෙම පුළුල් ජාලය නිසා දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාරිභෝගිකයන් වෙත ඉහළම තලයේ සේවාවක් සැලසීමට සමාගමට හැකියාව ලැබී ඇත.
මෙම අම්බලන්ගොඩ නගරයේ ස්ථාපිත කළ මෙම කාර්යාලයේ පිහිටි ප‍්‍රදර්ශනාගාරය වෙත යන පාරිභෝගිකයන්ට බජාජ් මෝටර් සයිකල් සහ ත‍්‍රිරෝද රථ වර්ග රාශියක් දැක බලාගත හැක. එමෙන්ම පාරිභෝගිකයන්ට පැය 24 පුරා ඉතාමත් පහසුවෙන් නියම බජාජ් අමතර කොටස් ලබාගැනීමේ හැකියාව ලැබෙන පරිදි 'Partsmart' ස්වයංක‍්‍රීය අමතර කොටස් අලෙවි කිරීමේ යන්ත‍්‍රයක්ද එහි සවිකර තිබේ.