February, 20, 2026
මෙරට ලැයිස්තුගත සමාගමක් වන කළම්බු ඩොක්යාඩ් සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ඇසීමට විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) දිනයේ දී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණි.
එම ප්‍රශ්න මාලාව පහත පරිදි වේ.
1. සීමාසහති කොළඹ නැව් තටාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතුව පවතින්නේද?
2. එම සමාගමේ තවත් කොටස්කරුවන් සිටී නම්, ඔව්නගේ නම් කවරේද?
3. රජය සහ අනෙකුත් කොටස්කරුවන් අතර පවතින කොටස් සංඛ්‍යාව ප්‍රතිශතාත්මකව වෙන් වෙන් වශයෙන් කොපමණද?
4. අනෙකුත් කොටස්කරුවන් සතු වත්කම්වල අගය ඩොලර්වලින් කොපමණද?
5. වර්තමාන කොටස්කරුවන් වෙත කොටස් හිමිකම් ලබා දුන් වර්ෂ කවරේද?
6. ඔවුන්ට කොටස් විකිණීමේ දී ටෙන්ඩර් කැඳවා තිබේද?
7. එසේ නම්, ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද එක් එක් කොටස්කරුගේ නම, ලිබිනය සහ ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් මුදල වෙන් වෙන් වශයෙන් කවරේද?
8. එම එක් එක් කොටස්කරු මිල දී ගන්නා ලද කොටස්වලට අනුව ආයෝජනය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද?
කෙසේවෙතත් මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට සති දෙකක කාලයක් ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
Video Story