October, 29, 2025
එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද (29) දිනයේ ද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.23 ක් ලෙසින් සටහන්ව ඇත.
2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ අගය රු. 304 සීමාව ඊයේ (28) දිනයේ දී ඉක්මවා ගොස් තිබුණු අතර අද එහි තවදුරටත් සුළු වැඩිවීමක් වාර්තා වී තිබේ.
මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 300.45 ක් හා විකුණුම් මිල රු. 307.94ක් ලෙසින් සටහන්ව ඇත.
Video Story