ඩොලරය ඉහළට

    November, 28, 2023

    අද (28) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 324.11 ක් සහ විකුණුම් මිල රු. 334.11 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම ගැනුම් මිල මෙය වනු ඇත.

    එසේම ඩොලරයක විකුණුම් මිල 2023 නොවැම්බර් 06 දිනෙන් පසු රු. 334 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 329.00 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 329 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව ලෙසින් සඳහන් කළ හැකිය.