ඩොලරය උඩ යයි

    January, 23, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම කලකට පසු යලිත් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.

    ඒ අනුව අද (23) දින ඩොලරයක ගැනුම් මිල රු. 294.46 ක් ලෙසත් විකුණුම් මිල රු. 303.24 ක් ලෙසත් සටහන්ව තිබෙන අතර මෙලෙස විකුණුම් මිල රු.303 සීමාව ඉක්මවා ඇත්තේ 2024 වසරේ සැප්තැම්බර් 30වන දිනෙන් පසුව වීම විශේෂත්වයකි. 2024 සැප්තැම්බර් 30 වන දින ඩොලරයේ විකුණුම් මිල රු. 302.56ක් ලෙසින් සටහන් වූ අතර එදිනට ගැනුම් මිල සටහන් වුනේ රු. 293.50ක් ලෙසයි. 

    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 298.65 ක් ලෙසින් වාර්තා වන අතර එය ද, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් පසු වාර්තා වී ඇති ඉහළම අගය වේ.